කාලිදාස
මහාකවි කාලිදාස ක‍්‍රි:ව: 04 හා 05 අතර කාලයෙහි භාරතයේ විසූ චිරප‍්‍රසිද්ධ කවීන්ද්‍රයෙකි. කාලිදාසයන්ගේ ජන්ම භූමිය හිමාලය අසල උජ්ජයිනී හෝ කාලිංග දේශය බවට මත පවතී. කුමාරසම්භව මහාකාව්‍යයෙහි හිමාලය පිළිබඳ වණ_නා හා මේඝ¥තයෙහි උජ්ජයිනි නුවර පේ‍්‍රමය පිළිබඳ සඳහන් වීම මෙන් ම, කාලිංග දේශයෙහි අධිරාජයා වූ හේමාංගද පිළිබඳ රඝුවංශයෙහි විශේෂයෙන් වණ_නා කිරීම ද මේ මතවාදයනට බලපා ඇත. ලක්‍ෂ්මී ධාර්කල්ල ප`ඩිතුමා, ඔහුගේ ඔයැ ඉසරඑය චක්ජැ දෙ න ā කසා ā ි් :1926*, ග‍්‍රන්ථයෙහි, කාලිදාස මහාකවියා කාශ්මීරයෙහි ඉපිද, දකුණු දිශාවට සංක‍්‍රමණය වූ බව සඳහන් කර ඇත. ජනප‍්‍රවාදයන්ට අනුව කාලිදාසයන් ජීවිතයේ මුල් අවධියෙහි දී අඥානයකු විය. ඔහු විසින් විවාහාපේක්‍ෂිත කාන්තාව ‘‘අස්ති කශ්චිද්වාග්විශේෂඃ’’ යනුවෙන් ඇසූ පැණයට පිළිතුරු දීමට ඔහු අපොහොසත් විය. පසුව දාසයකු ලෙස කාලිදෙව`ගනට දෘඪභක්ත්‍යාදරයෙන් පූජාවිධි පවත්වා ඇගේ ප‍්‍රසාදයෙන් ඥානවන්තයකු වූ බව ද එක්තරා ජනශ‍්‍රැතියක එයි. අනතුරුව කාලිදාසයෝ සිය බිරිඳගේ පැණයට පිළිතුරු ලබාදීම් වස් අස්ති යන ශබ්දයෙන් ආරම්භ වන කුම...