දස විධ ඇත් කුල
                              කාලවක
මෙම කුලයේ ඇතුන්ගේ ඇස් ඉතා අඳුරු පැහැ වෙයි. එසේම කෙටි පාද වේ. සම තද කළු පාටින් යුක්තය. වක් වලිගයක් පිහිටයි. පාද නිය වක්ව පිහිටයි.
                     ගංගෙයිය
විශාල හිසක් පිහිටන මෙම කුලයේ කකුල් හොඩවැල වලිගය තරමක් දිග වේ. නියපොතු විශාලය. එසේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගනී.
                          පණ්ඩර
දිගටි විශාල හිසක් පිහිටයි. හොඩය මුල  තරමක් පළලින් වැඩිය . නියපොතු තද කහ පාටින් යුක්තය. සම අළු පාටට හුරු කළු පාටක් ගනී.
                             තම්බ
මොවුන්ගේ ඔලුව වැඩිය විශාල නොවේ. හොඩය පටු වේ. කකුල් සිහින්ය. කන්  විශාල ලෙස පපිහිටයි. ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගනී.
                         පිංගල
ලොකු හිසක් ඇත. හොඩය විශාල  වෙයි. මධ්‍යස්ථ කකුල් පිහිටයි. දිගටි ඇස් පිහිටයි. 
                               ගන්ධ
හිස , හොඩ හා කකුල් කුඩාවට පිහිටයි. ඇඟ තද කළු පාටය. හම තරමක් වැඩිපුර ගොරෝසුය. වලිගය නැමී හෝ  දඟර ස්වභාවයෙන් යුක්තය. ඇඟේ විශාල රෝම පිහිටයි.
                            මංගල 
හිස, හොඩ, දළ, පාද,  සහ කන්  විශාලව පිහිටයි. යටිපතුල වෙන අයට වඩා පළල වෙයි .  මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයකින් යුක්තය.
                           හේමන්ත
තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් පිහිටයි. දිගටි ඇස් සේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් ඇත .ඇඟ සහ කකුල් විශාලය. වලිගය නැවී ඇත. ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගනී. නියපොතු රතු පාටට හුරු වෙයි .
                      උපෝසථ  
හිස , කන් හා ශරීරය මධ්‍යම ප්‍රමාණයෙන් පිහිටයි. දිගටි පාද හතරකන් යුක්ත වෙයි. නියපොතු කහ පාටය. හොඩය, ලිංගය, වලිගය බිම ස්පර්ෂ වෙයි . ශරීරය අළු පාටට හුරු කළු පාටක් වේ.
                         සද්දන්ත
ශරීරය විශාලය. ඇස් දිගටිය. කකුල් හතරත් දිගින් වැඩි වෙයි. ඇස් දෙක රන් වන් පාටින් යුක්තය. ශරීරයත් දීප්තිමත් පැහැයක් ගනී . හොඩය , ලිංගය හා වලිගය බිම ස්පර්ශ වෙයි.

Comments
Post a Comment