කාලිදාස
මහාකවි කාලිදාස ක‍්‍රි:ව: 04 හා 05 අතර කාලයෙහි භාරතයේ විසූ චිරප‍්‍රසිද්ධ කවීන්ද්‍රයෙකි. කාලිදාසයන්ගේ ජන්ම භූමිය හිමාලය අසල උජ්ජයිනී හෝ කාලිංග දේශය බවට මත පවතී. කුමාරසම්භව මහාකාව්‍යයෙහි හිමාලය පිළිබඳ වණ_නා හා මේඝ¥තයෙහි උජ්ජයිනි නුවර පේ‍්‍රමය පිළිබඳ සඳහන් වීම මෙන් ම, කාලිංග දේශයෙහි අධිරාජයා වූ හේමාංගද පිළිබඳ රඝුවංශයෙහි විශේෂයෙන් වණ_නා කිරීම ද මේ මතවාදයනට බලපා ඇත. ලක්‍ෂ්මී ධාර්කල්ල ප`ඩිතුමා, ඔහුගේ ඔයැ ඉසරඑය චක්ජැ දෙ නāකසාāි් :1926*, ග‍්‍රන්ථයෙහි, කාලිදාස මහාකවියා කාශ්මීරයෙහි ඉපිද, දකුණු දිශාවට සංක‍්‍රමණය වූ බව සඳහන් කරඇත. ජනප‍්‍රවාදයන්ට අනුව කාලිදාසයන් ජීවිතයේ මුල් අවධියෙහි දී අඥානයකු විය. ඔහු විසින් විවාහාපේක්‍ෂිත කාන්තාව ‘‘අස්ති කශ්චිද්වාග්විශේෂඃ’’ යනුවෙන් ඇසූ පැණයට පිළිතුරු දීමට ඔහු අපොහොසත් විය. පසුව දාසයකු ලෙස කාලිදෙව`ගනට දෘඪභක්ත්‍යාදරයෙන් පූජාවිධි පවත්වා ඇගේ ප‍්‍රසාදයෙන් ඥානවන්තයකු වූ බව ද එක්තරා ජනශ‍්‍රැතියක එයි. අනතුරුව කාලිදාසයෝ සිය බිරිඳගේ පැණයට පිළිතුරු ලබාදීම් වස් අස්ති යන ශබ්දයෙන් ආරම්භ වන කුමාරසම්භව මහාකාව්‍යය ද, කශ්චිත් යන පදයෙන් ආරම්භ වන මේඝ¥ත නම් ඛණ්ඩකාව්‍යය ද, වාග් යන වචනයෙන් ආරම්භ වන රඝුවංශ මහාකාව්‍යයද රචනා කළහ. පසුව, තවත් ජනප‍්‍රවාදයකට අනුව, මොහු කුමාරදාස රාජ්‍යොදයේ දී ලංකාවට පැමිණ ඇති අතර ලංකාවේ දී ජීවිතක්‍ෂයට පත් වී ඇත. සරස්වතී දේවිය, මහාබ‍්‍රහ්මන්ගේ ධර්මපත්නියයි. සාහිත්‍යය, කලාවන්ට අධිපති දිව්‍යාංගනාවයි. වරක් දණ්ඞී හා කාලිදාස දෙදෙනා සරස්වතී දේවිය හමුවීමට ගොස් ඇත. දෙදෙනාගෙන් කවරෙක් ශ්‍රේෂ්ඨ කවියා වන්නේ දැයි සරස්වතී දෙව`ගනගෙන් විමසා ඇත. එවිට ඇය, ”කවීර්දණ්ඩිඃ කවීර්දණ්ඩිඃ කවීර්දණ්ඩිඃ න සංශයඃ” යනුවෙන් පවසා ඇත. ඉන් කුපිත වූ කාලිදාස, කවියා දණ්ඩි නම් මා කවරෙක් ද? යනුවෙන් විමසා ඇත. එවිට ඇය
”ත්‍වමෙවාහම්” ”ඔබ යනු මම ම යි”
යනුවෙන් පිළිතුරු දී ඇත. මෙලෙස කාලිදාසයන්
පිළිබඳ ජනප‍්‍රවාද ගණනාවක් ඇත. ඒ හැම ප‍්‍රබන්ධයකින් ම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ම තහවුරුවීම වැදගත් වේ. මහාකවි කාලිදාසයන් භාරතයේ විසූ කාලය පිළිබඳ විප‍්‍රතිවාදයන් පවතී. වික‍්‍රමාදිත්‍ය රාජ්‍ය සභාවෙහි සිටි නවපණ්ඩිතරත්නයන් අතර ප`ඩිරුවනක් ලෙස මොහු සිටි බවට මත පළ වේ. වික‍්‍රමාදිත්‍ය නමින් සුවිශේෂ රජකෙනෙකු පිළිබඳ භාරතීය ඉතිහාසය සාක්‍ෂි නො සපයයි. එහෙත් වික‍්‍රමාදිත්‍ය යන ගෞරවනාමොපලක්‍ෂිත රජවරුන් ගණනාවක් වාසය කර ඇත. ඒ අතර ෂෂ චන්‍ද්‍රගුප්ත රාජ්‍යොදය (380 - 451 ක‍්‍රි: ව:* වැදගත් වේ. විලියම්ස් ජොන්ස්, ඒ. බී. කීත්, වාසුදේව්, විෂ්ණු මිරාශි, රාම් ගුප්ත යනාදි ප`ඩිවරු කාලිදාසයන් මේ රජ දවස වාසය කළ බව පිළිගනිති. කාලිදාසයන්ගේ කාලය කුමාරගුප්ත (414 - 455* ස්කන්ධ ගුප්ත (455 - 467* රජ දවස දක්වා, පවතින්නට ඇත. මේ අනුව කාලිදාසයන් ක‍්‍රි: ව: 4 හා 5 යන ශතවර්ෂයන්හි වාසය කර ඇති බව විශද වේ. මහාකවි කාලිදාසයන්ගේ නමට ග‍්‍රන්ථ ගණනාවක් පවරා ඇත. එහෙත් මධ්‍යස්ථ වියත්හු පහත සඳහන් ග‍්‍රන්ථ 07 පමණක් ඔහුගේ ම නිම_ාණ ලෙස පිළිගනිති.
මහාකාව්‍යද්වය
01. කුමාරසම්භව
02. රඝුවංශ
ඛණ්ඩකාව්‍යද්වය
01. ඍතුසංහාර
02. මේඝ දූතය
දෘශ්‍යකාව්‍යත‍්‍රය
01. අභිඥාන
ශාකුන්තල
02. මාලවිකාග්නිමිත‍්‍ර
03. වික‍්‍රමොර්වශී
මහාකවි කාලිදාසයන්ගේ හෘදයග‍්‍රාහී, රසභාවපූණ_, ප‍්‍රශස්තතම දෘශ්‍යකාව්‍ය ග‍්‍රන්ථය අභිඥාන ශාකුන්තලය යි.
‘කාව්‍යෙෂු නාටකං රම්‍යං නාටකේෂු ශකුන්තලා
තත‍්‍රාපිච චතුර්ථො’ඕකස්තත‍්‍ර ශ්ලෝකචතුෂ්ටයම්’
අංක 07 කින් සුසැදි මෙය, මහාභාරතයෙහි ශාකුන්තලෝපාඛ්‍යානය ආශ‍්‍රයෙන් වස්තු තේමාව සකසා ගෙන ඇත. දුෂ්‍යන්ත මහරජු හා ශකුන්තලා මෙහි ප‍්‍රධාන කථා නායකයා හා නායිකා දෙපළයි. අග්නිමිත‍්‍ර රජු හා මාලවිකා අතර ඇතිවෙන පේ‍්‍රමාවෘත්තාන්තය ප‍්‍රධාන වස්තු විෂය කරගත් මාලවිකාග්නිමිත‍්‍රය ද හෘදයංගම දෘශ්‍ය කාව්‍යයකි. අංක 05 කින් සමන්විත මෙය, කාලිදාසයන්ගේ පළමු දෘශ්‍යකාව්‍යය ලෙස පිළිගැනේ. පුරූරවස් රජු හා උර්වශී අප්සරාව අතර පේ‍්‍රමය වස්තු තේමාව කරගත් වික‍්‍රමෝර්වශී නාට්‍යයෙහි අංක 05කි. මේ දෘශ්‍යකාව්‍යය අද්භුත රසයෙන් පිරී ඇත. ඍතුසංහාරය ඛණ්ඩ කාව්‍යයකි. එහි ග‍්‍රීෂ්ම, වර්ෂා, ශරත්, හේමන්ත, ශිශිර හා වසන්ත යන ඍතු හය වර්ණනා කෙරේ. ශෘංගාර රසයෙන් ආලේපිත මෙය කාලිදාසයන් සිය ජීවිතයේ මුල් අවධියේ හෙවත් යෞවන සමයෙහි දී රචනා කරන ලද කාව්‍යයක් බව විද්වත් සම්මුතියයි. පෙරදිග සාහිත්‍ය වංශයෙහි හෘදයංගම, සාහිත්‍ය පේ‍්‍රමීන් විසින් දෘඪාසක්ත බවින් ප‍්‍රතිගෘහීත අමරණීය විරහගීතය වන්නේ මේඝ¥තයයි. සංස්කෘත සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට අභිනව කාව්‍ය සම්ප‍්‍රදායයක් සම්ප‍්‍රදානය කරලීමේ උත්තුංග කාර්යයක් වන මෙය ද ඛණ්ඩකාව්‍යයකි. පූව_මේඝ හා උත්තරමේඝ යැයි මෙහි කොටස් දෙකකි. වැහි වළාවක් අත ස්වකීය පෙම්වතියට හසුනක් යැවීම ප‍්‍රධාන වස්තු විෂය කොටගෙන ”මන්දාක‍්‍රාන්ත” නම් විචිත‍්‍ර වෘත්තයෙන් රචනා කරන ලද්දකි. සග_ 19කින් පරිමිත රඝුවංශය මහාකාව්‍යයකි. දිලීප, රඝු, අජ, දශරථ හා රාම යන සූර්යවංශික රජ පෙළපත පිළිබඳ ව මෙහි වණ_නා වේ. ‘‘කාර්තිකෝත්පත්ති’’ නමින්ද චිරප‍්‍රසිද්ධ, කුමාරසම්භව මහාකාව්‍යයෙහි සග_ 17කි. වීර රසය ප‍්‍රධාන රසය වන කුමාරසම්භවයෙහි ශිව හා පාර්වතී දෙදෙන ප‍්‍රධාන කථානායක - නායිකා යුවළයි. සූරී, වල්ලභදේව, බාණ භට්ට, ජයදේව, රාජශේඛර යන විද්වත්හු කාලිදාසයන් මහත් සේ අගය කළහ. ‘උපමා කාලිදාසස්‍ය’ යනුවෙන් උපමා යෝජනයෙහි අසහාය සූරයා කාලිදාස බව රාජශේඛර පවසා ඇත. ඉංග‍්‍රීසි භාෂාවට පළමුවෙන් පරිවත_නය කරන ලද දෘශ්‍යකාව්‍ය වනුයේ අභිඥානශාකුන්තලයයි. ඉංග‍්‍රීසි පරිවත_නය මත ජර්මන් භාෂාවට මේ නාට්‍ය පරිවත_නය කර ඇත. මහාකවිකාලිදාස (1955*, කවිරත්න කාලිදාස (1983*, නමින් චිත‍්‍රපට දෙකක් නිෂ්පාදනය කර ඇති අතර ස්ත‍්‍රී නමින් චිත‍්‍රපටියක් 1961 දී ද නිෂ්පාදනය කර ඇත. මෙය ශකුන්තලා නාට්‍යය තේමා කර ගෙන නිෂ්පාදනය වූවකි.
Comments
Post a Comment