අශ්වඝෝෂ හිමි
සුන්දරී හා නන්ද අතර ඇතිවන සොඳුරු ප්‍රේමය ප්‍රධාන වස්තු විෂය කරගත් සෞන්දරනන්ද මහාකාව්‍යය භදන්තාශ්වඝෝෂ හිමියන්ගේ අග්‍රගණ්‍ය කාව්‍ය නිර්මාණයකි. සංස්කෘත මහාකාව්‍යය සම්ප්‍රදායේ පුරෝගාමියා වන උන්වහන්සේ බුද්ධචරිත මහාකාව්‍යය හැරුණුවිට ශාරිපුත්‍රප්‍රකරණ නමින් දෘශ්‍යකාව්‍යයක් ද රචනා කළහ. කාශ්මීරයෙහි කුණ්ඩලවන විහාරයෙහි පැවැත් වූ සිව්වන නොහොත් ප්‍රථම මහායානික සංගායනාවෙහි විභාෂා ග්‍රන්ථ කර්තෘ මණ්ඩලයෙහි ප්‍රධානත්වය දරන ලද්දේද අශ්වඝෝෂ මාහිමියන් ය. ලලිතවිස්තරය, මහායාන ශ්‍රද්ධොත්පාද, සූත්‍රාලංකාරයාදි මහායානික ධර්මග්‍රන්ථයන් ද උන්වහන්සේගේ සාහිත්‍යකරණයෙහි ප්‍රකට, විශිෂ්ට සේවාවන් ය. උපතින් බ්‍රාහ්මණවංශිකයකු වූ උන්වහන්සේගේ ජන්මග්‍රාමය සාකේත නුවර විය. මව සුවර්ණාකෂි නම් වූවා ය. පූර්ණයශස් හා පාර්ශ්ව යනාදි දාර්ශනික විද්වතුන්ගේ සදාශ්‍රයෙන් බුදුදහම වැළඳ ගෙන ඇත. කුමාරජීව විසින් චීන බසට පරිවර්තනය කරන ලද අශ්වඝෝෂ චරිතාපදානයට අනුව අශ්වඝෝෂපාදයෝ මුලින් බෞද්ධ භිකෂූන් වහන්සේලාට අභියෝග කළ ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් විය. උතුරු ඉන්දියාවෙහි විසූ පාර්ශ්ව මහ ස්ථවිරයන් මොහු හා වාද කිරීමට පැමිණ ඇත. අශ්වඝෝෂයන් බුදුදහම කෙරෙහි නැඹුරුවීමෙන් මහදර්ථයක් සිදුවන බව දැනගෙන පාර්ශ්ව තෙරුන්, මොහුගේ අභියෝගය භාරගත්හ. දින 07 කින් රජමැති ඇමැති රටවැසියා ඉදිරියෙහි වාදය සංවිධානය කළ අතර පරාජිතයා ජයග්‍රාහයකයාගේ අතවැසියකු වීම ප්‍රධාන ගිවිසුම විය. අවසානයේ දී වාදයෙන් පරදින අශ්වඝෝෂයෝ, පාර්ශ්ව මහ ස්ථවිරයන්ගේ අතවැසියෙක් වූහ. බ්‍රාහ්මණයකු වශයෙන් චතුර්වේදාදි මූලාශ්‍රය පිළිබඳ ලද විදග්ධභාවයත්, යථෝක්ත විද්වදාශ්‍රය මගිනුත්,නිසග_සිද්ධ ප්‍රතිභාපූණ_ කවිශක්තියත් සම්මිශ්‍රිත ධම_ සන්නිවේදනය උන්වහන්සේගේ සාහිත්‍යකරණයෙහි සුවිශේෂී ලකෂණයකි. විවිධ ෙකෂ්ත්‍රයන් පිළිබඳ කුශාග්‍ර බුද්ධිමතකු වූ බැවින් ම භදන්ත, ගුරු, ආචාය්‍ය_ාදි ගෞරවාභිධානයන්ගෙන් විද්වජ්ජන සම්භාවනාවට පාත්‍ර වූ එතුමෝ සංස්කෘත කාව්‍ය ක්ෂේත්‍රයට හා පශ්චාත්තන නිර්මාණ කරුවනට අභිනව කාව්‍ය මාර්ගයක්, සම්ප්‍රදායයක් හෙළිපෙහෙළි කළ අග්‍රගණ්‍ය නිනිර්මාණ කරුවෙක් මෙන් මප්‍රාඥයෙක් වූහ.
ආර්ය සුවර්ණාක්ෂි පුත්‍රස්‍ය සාකේතස්‍ය භිෙකෂාරාචාය්‍ය_ භදන්තාශ්වඝෝෂස්‍ය
මහාකවෙර්මහාවාදිනඃ කෘතිරියම්
ඡන්දසට හෙවත් සංස්කෘත භාෂාවට බුද්ධදේශනා පරිවත_නය කිරීමට බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය නො ලැබුණි. එහෙත් අශ්වඝෝෂ මාහිමියන් ග්‍රන්ථකරණයෙහි ව්‍යාවෘතවනුයේ සංස්කෘත භාෂා මාධ්‍යයෙනි. බුද්ධචරිත මහාකාව්‍යය මෙන් ම සෞන්දරනන්ද මහාකාව්‍යය ද තදනුබද්ධ ප්‍රවෘත්ති කථනය උදෙසා ම රචනා වූ කාව්‍ය නිර්මාණ නොවේ. තද් ග්‍රන්ථයන්හි වැඩි අවකාශයක් වෙන් වී ඇත්තේ, ධම_ සන්නිවේදනයටයි. ධම_ය ඍජු ව සම්ප්‍රේෂණය කිරීමට වඩා, සෞන්දය්‍ය ලීලාවක් ඒ සඳහා උපයුක්ත කරගැනීම උන්වහන්සේ භාවිත කළ සාර්ථක උපක්‍රමයකි. තික්ත ඛෙහතක් මධුවෙහි ගල්වා ආතුරයකුට පොවන්නා සේ, සම්බුද්ධ භාෂිතයෙහි ගම්භිරතර දාර්ශනික සිද්ධාන්ත නම් ඖෂධය කවිය නම් මිහිරෙහි ඔබා, කෙලෙස් පරිතාපයෙන් ආතුර ජනයා උදෙසා ලබාදීම උන්වහන්සේගේ මුඛ්‍යාධ්‍යාශය වූහ. එය මනා ව සාර්ථක වූ ක්‍රමයක් විය. සංස්කෘතය තත්කාලීන සමාජයෙහි කුලීනයන් විසින් ව්‍යවහාර කළ ශ=ද්ධෝත්කෘෂ්ට භාෂාවක් විය. සමකාලීන භාරතයෙහි බ්‍රාහ්මණ වංශික භාෂාව වූයේ මෙය යි. කෂත්‍රිය හා වෛශ්‍ය වර්ණික පුරුෂ පාර්ශ්වයට ද සංස්කෘතය ව්‍යවහාර කිරීමේ අවකාශය තිබිණි. ශුද්‍ර කුලයේ සියලූ දෙනාට ම ද සාර්වවර්ණික සව_ස්ත්‍රීන්ට ද එය සපුරා තහනම් විය. බුදුරජාණන්වහන්සේ ස්වකීය ධම_ය ඡන්දසට නැගීමට අනුමැතිය නොදුන්නේ යථෝක්ත භාෂා ප්‍රතිපත්තිය නිසා විය හැකි ය. කෙසේ වෙතත්, සමස්ත අධ්‍යයන, අධ්‍යාපන ක්‍රියාවලියෙහි ම ඒකාධිකාරිතව ය බ්‍රාහ්මණ වංශිකයන් සතු විය. අශ්වඝෝෂ මාහිමියන්ට ඔවුන් වෙත බුද්ධධම_යෙහි සාරය සන්නිවේදනය කිරීමේ අත්‍යවශ්‍යතා ව තිබූ බව පෙනේ. උගත් තරුණ බ්‍රාහ්මණයන් උන්වහන්සේගේ පාඨක ඉලක්කය වූහ. ප්‍රේමය, ස්නේහය ආත්මගත සොඳුරු පුවතක් සෞන්දරනන්ද මහාකාව්‍යයෙහි ප්‍රධාන වස්තුවිෂය කරගැනීමෙන් ඒ වග වඩාත් විශද වේ.
කෘතියෙහි වැඩි අවකාශයක් ගැඹුරු ධම_ කරුණු සාකච්ඡා කිරීමට වෙන් කිරීමෙන් ද එය තවදුරටත් ප්‍රත්‍යකෂ වේ. භදන්තාශ්වඝෝෂ මාහිමියන් මහාකාව්‍යකරණයෙහි නියුක්ත වූ සමය වන විට කාව්‍ය විචාර සිද්ධාන්ත ග්‍රන්ථ පවා රචනා වී නො තිබිණි. ක්‍රි:ව: 06 වන ශතවෂ_යෙන් පසුව දණ්ඩින්, භාමාහාදි කාව්‍යවිචාරකයෝ ස්වකීය කාව්‍යවිචාර ෙසෙද්ධාන්තික කෘති බිහි කළහ.ඔවුහු එම කාව්‍යවිචාර සංකල්ප ඉදිරිපත් කරන ලද්දේ භදන්තාශ්වඝෝෂ මාහිමියන්ගේ සාහිත්‍යික නිම_ාණ හා රාමායණාදි පූව_තර කාව්‍යනිම_ාණ පිළිබඳ අධ්‍යයනයෙනි.
සෞන්දරනන්ද මහාකාව්‍යයෙහි සග_ සියල්ල 18 කි. මහාවග්ග හා නිදාන කථා යන බෞද්ධ ග්‍රන්ථද්වයෙහි ම හමුවන සුන්දරී - නන්ද වෘත්තාන්තය මෙහි ප්‍රධාන වස්තු විෂය වේ.
1. කපිලවස්තු පුර වැනුම
2.
රාජවර්ණනාව
3. නන්ද කුමරුගේ උත්පත්තිය
4.
සුන්දරී-නන්ද ප්‍රේමය
5. නන්ද කුමරුගේ ප්‍රව්‍රජ්‍යාව
6.
සුන්දරී විලාපය
7. නන්ද කුමරු ප්‍රව්‍රජ්‍යාව ප්‍රතිෙකෂ්ප කිරීම
8. ස්ත්‍රීන්ගේ චපලගති
9. ප්‍රේමය නිසා ඇතිවන දුක්ගැහැට
10.
අප්සරාවන් පෙන්වීම
11. අප්සරාවන් ලැබීමේ ප්‍රාර්ථනාව
12-18 නිර්ණගාමී ප්‍රතිපදාව
යනාදි ලෙස මේ මහාකාව්‍යයෙහි වස්තු
විෂය පෙළ ගස්වා ඇත.
බුද්ධචරිත මහාකාව්‍යයෙහි කර්තෘවරයා ද භදන්තාශ්වඝෝෂ මාහිමියන් ය. ඒබව, zzඉති ශ්‍රී මහා මණ්ඩලේශAවරමන්ත්‍ර්‍යශ්වඝෝෂකෘතෞ ශ්‍රී බුද්ධචරිතමහාකව්‍යෙZZ යන උද්ධෘතයෙන් සනාථ වේ. ශ්‍රීමත් ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ ජීවනචරිතය බුද්ධචරිතයෙහි වස්තුවිෂය වේ. චීන හා ටිඛෙට් පරිවර්තනයන්හි සර්ග 28ක් දක්නට ලැබේ. එහෙත් දැනට සංස්කෘත භාෂාවෙන් හමු වී ඇති සර්ග සංඛ්‍යාව 13කි. සංස්කෘත පිටපතේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් ආරම්භ වී, මාරපරාජය පිළිබඳ විස්තරයෙන් සමාප්ත වේ. උතුම් ශාස්තෘවරයෙක් වූ ශ්‍රීමත් බුද්ධචරිතය කාව්‍යාත්මක ව වර්ණනා කිරීම සුකර කාර්යයක් නොවේ. පොදුජන විඥානයෙහි භක්තියට, ශ්‍රද්ධාවට හානියක් නොවන පරිදි, කථා වස්තුව සකස් කර ගත යුතු වේ. එසේ ම, ආලංකාරියකයන් නිර්දේශිත රීතින් ද උල්ලංඝණය නොකළ යුතු වේ. අශAවඝෝෂපාදයෝ විචාරපූර්වක යථාර්ථවාදී බුද්ධචරිතාපදානයක් පාඨක මනසෙහි නිර්මාණය කළහ. සැබවින් ම උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ උත්තරීතර මනුෂ්‍ය ගුණෝපලකෂිත මිනිසෙකු වශයෙන් බුද්ධචරිතය ස්ථාපිත කිරීමයි. බුද්ධචරිත මහාකාව්‍යයෙහි සර්ගයෙන් සර්ගය මනාව පරීකෂා කිරීමේ දී ඒ වග මනාව පසක් වේ. බුද්ධචරිත මහාකාව්‍යයෙහි යමක, උපමා, රූපක, උත්ප්‍රෙකෂාදි අලංකාර හෘදයංගම ලෙස භාවිත කර ඇති අතර, ප්‍රධාන රසය ශාන්ත රසය වේ. අශ්වඝෝෂ මාහිමියන් ප්‍රතිභාපූණ_ කවියෙකි. නිසග_සිද්ධ කාව්‍යකෞෂල්‍යය උන්වහන්සේගේ තෙළි තුඩින් නිමවුණු සෑම කවි සිතුවමක ම තැවරී ඇත.
Comments
Post a Comment