අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය"
සංස්‌කෘත කාව්‍ය වංශ කතාව තුළ අපට හමු වන සුපතල කවියකු වශයෙන් අශ්වඝේෂයන් හඳුනා ගැනීම අතිශයෝක්‌තියක් නොවේ. බුද්ධචරිතය සහ සෞන්දරානන්දය ඔහුගේ කාව්‍ය කෘති වශයෙන් පිළිගැනේ. බෙරිඩේල් කීත්a ආචාරීන් දක්‌වන පරිදි ඒ අතරින් වඩා උසස් කෘතිය වනුයේ බුද්ධ චරිතයයි. ආදි සංස්‌කෘත කවීන් අතරින් අශ්වඝෝෂ පමණ ශබ්ද රසයට ප්‍රිය කළ කවියකු නොමැති බව ජයදේව තිලකසිරි සූරීහු සඳහන් කරති. එබැවින් අපගේ අරමුණ වනුයේ කාව්‍යයටත් බසටත් කිසිදු පලුද්දක් නොවන පරිදි, අශ්වඝෝෂ කවියා සිය "බුද්ධ චරිතය" ලලිතවත් පද මාලාවකින් රංජනය කරන අයුරු සලකා බැලීමයි.
රාමායණාකෘත වාල්මිකීන්ගේ නව එළිසම ක්‍රමයක් වශයෙන්, මුල් පදයෙහි අවසන් වදන පෙර පදයෙහි ආරම්භයේ යෙදීම සැලකිය හැකි බවත් ආලංකරිකයන් එය, "ශාංචලා යමකය" යෑයි හඳුන්වන බවත් තිලකසිරි සූරීහු දක්‌වති. එතුමා ඒ සඳහා දක්‌වන නිදසුන් මෙසේය.
රාවණං භජ භර්තාරම්
භර්තාරං සර්වරාක්Iසම් (V.25.22)
රාවණස්‍ය වන( කාන්තාං
කාන්තාමිව වරස්‌ත්‍රිම් (V.13.10)
අශ්වඝෝෂයන් වඩාත් රමණීය පරිදි මෙම උපක්‍රමය පළ කරන අයුරු සලකා බලමු.
ආඛ්‍යාස්‍යති භෙප් විමෝක්‍ෂ මාර්ගා
මාර්.ප්‍රහෂ්ටේභ්‍ය ඉවාවගේභ්ය (I.77)
ප්‍රහ්ලාදමාධාස්‍යති ධර්මවෘෂ්ට්‍යා
වෘෂ්ට්‍යා මහාමේඝ ඉවා" තපාන්තෙ (I.78)
ප්‍රථම ශ්ලෝකාර්ධයේ ද්විත්ව කොට ඇති "මාර්." යන පදයෙන් දෙවැන්න දෘෂ්ටාන්තය සම.ද පළමුවැන්න සංසිද්ධිය සමඟ ද බැඳේ. මංමුළා වූවනට මඟ පෙන්වන්නා සේ හෙතෙම නිවන් මඟ ප්‍රකාශ කරන බව අශ්වඝෝයෝ දක්‌වති. ද්විතීය ශ්ලෝකාර්ධයෙහි "වෘෂ්ට්‍යා" යන්නද එසේමය. දහම් වැස්‌සෙන් සතුට දැනවීම සම වනුයේ, ගී්‍රෂ්මය කෙළවර මහ මේ කුළක් වැස්‌සෙන් සතුට දැනවීමට ය.
බොහෝ දුරට සංස්‌කෘත පද්‍ය සාහිත්‍යය තුළ එළිසමය පිළිබඳව යොමු වනුයේ අල්පාවධානයකි. එහෙත් බුද්ධචරිත කාව්‍යය තුළ ශබ්ද මාධූර්යය උද්වහනය කරමින් නිරායාසයෙන් ගැලපී සිටින එළිවැට විපුල ය.
ධනස්‍ය රත්නස්‍යච තස්‍ය තස්‍ය
කෘතාකෘතෙෙස්‍යව ච කාඤේචනස්‍ය (II.2)
ස්‌තේයාදි භිර්නාප්‍යභිතවශ්aච ත්‍රස්‌තං
ස්‌වස්‌ථං ස්‌වචක්‍රං පරචක්‍රමුqක්‌තම්
ක්‌ෂේමං සුභික්‍ෂං ච බභූව තස්‍ය
පුQරේෂ්වරණෙප්ෂු තථෛව රාෂ්ටේ්‍ර (II.15)
තත( ශරත්තෝදයපාණ්‌ඩුරේෂු
භූමෞ විමානේෂු ච රඤ්ජිතේෂු
හර්මෙප්ෂු සර්වර්තුසුධාශ්‍රයේෂු
ස්‌ත්‍රීණාමූQදාරෛවිඡහාර තූර්යෛ( (II.29)
ආර්ෂාණ්‍යචාරීත්පරව ව්‍රතානි
වෛරාණ්‍ය හාසීච්චිර සම්භෘකානි (II.43)
අශ්වඝෝෂයන් පදානුප්‍රාසය ලලිත ලෙස යෝජනය කරන අයුරු විමසා බලමු.
කශ්චිත්සිෂේවේ රතයේ න කාමං කාමාර්ථමර්ථං න ජුගෝප කශ්චිත්
කශ්චිද්ධනාර්ථං න චචාර ධර්මං
ධර්මාය කශ්චින්න චකාර හිංසාම් (II.14)
"කිසිම තැනැත්තෙක් ආස්‌වාද පිණිස මෙවුන්දම් නොසෙවීය. කිසි ම තැනැත්තෙක් කම් සැප පිණිස ධනය නොරැක්‌කේය. කිසිම තැනැත්තෙක් ධනය පිණිස ධර්මයෙහි නොහැසිරුණේය. කිසිම තැනැත්තෙක් ධර්මය පිණිස හිංසාවක් නොකළේය." යනුවෙන් මහාචාර්ය සුචරිත .ම්ලත්හු මෙය පරිවර්තනය කරති. "කශ්චිත්" යන පදය, යෝජනා සතරකින් පද සතරෙහි පුනරුක්‌ත ය. අඝෝෂයක් සමඟ හුදෙකලාව, ඝෝෂයක් සමඟ, "න" කාරය සමඟ ඈ විසිනි. පුනරුක්‌තිය දෝෂයක් නොව, අලංකාරයක් කර .නිමින් කවියා බස හසුරුවා ඇති ආකාරය මනරම් ය. මෙහි තවත් මනහර ලකුණක් නම්, පදයෙන් පදය පෙළ තුළ හැසිරී ඇති ආකාරය යි. "කාම", "ධන", "ධර්ම" යන ප්‍රකෘති ද්විතීයා සහ චතුර්ථි විභක්‌තීන්හි යෝජනය කොට ඇත්තේ පද පිළිවෙළ සුන්දර කරමිනි. "කාමාර්ථමර්ථං" වැනි පද ඝඨනා තුළ,
කාම + අර්ථං + අර්ථං
වැනි ගැලපීම් හමුවේ. පළමු "අර්ථං" යන්න "පිණිස" යන අරුත උදෙසා ද දෙවැන්න "ධනය" යන අරුත සඳහා ද යෝජිත බව පෙනේ. "කාමාර්ථ ධනං" යන්න යෙදුම ද සම අර්ථයක් උද්වහනය වන නමුදු කවියා "කාමාර්ථමර්ථං" යන්න යෙදීමෙන් කුළු ගැන්වෙන්නේ මනහර ශබ්ද සංඝටනාවකි.
අපරෝක්‌ත පද්‍යයෙන් දැක්‌වෙනුයේ, රාජ පුත්‍රයාගේ උත්පත්තියෙන් සියලු අර්ථසිද්ධිය වන හෙයින් රජු එපුතු හට "සර්වාර්ථසිද්ධ" යෑයි නම් තැබූ ආකාරයයි".
එවංවිධා රාජසුතස්‍ය තස්‍ය
තර්වාර්ථසිද්ධිශ් ච යතෝ බභූව
තතෝ තෘපස්‌තස්‍ය සුතස්‍ය නාම
සර්වාර්ථසිද්ධෝයමිති ප්‍රචක්‍රෝ (II.17)
මෙහි පළමු සහ තෙවැනි පාද අතරත් දෙවැනි සහ සිව්වැනි පාද අතරත් ගැලපී ඇති ශබ්ද සාම්‍යත්වය සලකා බලමු. නාමයෙහි අර්ථ සාම්‍යත්වය, යෝග්‍ය භාවය තීව්‍රව අවධාරණය කරන්නට ඒ ශබ්ද සාම්‍යයෙහි ප්‍රාබල්‍යය පිටුබලයක් වෙයි.
සමාන පද යෝජනයකින් දෑ අරුතක් දැනවෙන අවස්‌ථා ද මෙතුළ හමුවේ.
විමානපෘෂ්ඨාන්න මහීං ජගාච
විමානපෘෂ්ඨාදිව විශ්වකර්මා (I 32)
මහැදුරු .ම්ලතුන් මෙය පරිවර්තනය කරනුයේ, "දෙව්රියෙන් විශ්වකර්මයා නොබසින්නා සේ උඩු මහලින් බිමට නොබැස්‌සේය" යනුවෙනි. "දෙව් විමනින් පින්වතකු බිමට නොබසින්නා සේ රජ විමනේ උඩු මහලෙන් බිමට නොබැස්‌සේය." යනු, බෙල්ලන ඥනවිමල නාහිමියන්ගේත් ආරියදාස සෙනෙවිරත්නයන්ගේත් පරිවර්තනයයි. කෙසේ වතුදු, එකම පදවැල පුනරුක්‌ත කරමින් කවියා අදහස සරසන අයුරු අපූරුය.
වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයෙහි එන,
සුරත ඔහු යුදයට සුරත ලෙල දෙන ක.පට සුරත විස යු. දිට සුරත නම් කොද රූපඩුවන් හට
යන පද්‍යය ද අපගේ සිහියට නැඟේ.
ප්‍රාප ත්‍රිවර්. බුබුෙ ත්‍රිවර්ගං
ඡඥේ ද්විවර්ගං ප්‍රජභෞ ද්විවර්.ම් (II.41)
මෙහි පද.තාර්ථය වනුයේ තුන් වර්.යක් ලද බවත් තුන් වර්.යක් දැන .ත් බවත් දෙවර්.යක් දත් බවත් දෙවර්.යක් අත්හළ බවත්ය. ආරියදාස සෙනෙවිරත්නයෝ පිළිවෙළින්, ත්‍රිවේදයන් සුවදුක් භවාභව යන තුන් වර්.යත් පරමාත්ම ජීවාත්ම යන දෙවර්.යක් සැපදුක් යනදෙකත් ඉන්අදහස් වන්නට ඇතැයි දක්‌වති. ශබ්ද රසය කුළු ගැන්වෙන සේ නවමු රසාවහයන් වෙත කවියා යොමු වන ආකාරය මනාය.
රජ තෙමේ පුත්‍රයාගේ ඉපදීමෙහි සතුටු වූ සේම මුණුබුරාගේ ඉපදීමෙහි ද සතුටු වූ බව දැක්‌වීමටය. ත - ශබ්ද යෝජනය කරමින්,
යථෛව පුත්‍රප්‍රසවේ නනන්ද
තථෛව පෞත්‍රප්‍රසවේ නනන්ද (II.47)
යනුවෙන් කවියා පවසනුයේ, අලංකාර කිසිවක් නොමැති සු.ව ලීලාවකිනි. එහෙත් ඒ තුළ මනා රසයක්a ජනනය වෙයි.
මේ ආකාරයෙන් අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය මුළුල්ලෙහි ම පැනෙනුයේ රසවහ මධුර වාං මාලාවකි. කාව්‍යකරණය සරසනු සඳහා එම රටාව දිරි දෙන ආකාරය මනරම්ය. භාෂාවෙහි වනිපූර්ණ ශක්‍යතාව කුළු ගැන්වෙමින්, භාව්‍යකරණය තුළ අර්ථ රසයෙහි දූෂණය නොව භූෂණය සඳහා ඉවහල් වන පරිදි ශබ්ද රසය ඉසියුම්ව සුසියුම්ව ගැලපී සිටි අයුරු පිළිබඳව බුද්ධචරිත මහාකාව්‍යය මොනොවට දෙස් දෙයි.
Comments
Post a Comment