ජ්‍යෝතිර් විද්‍යාවේ ආරම්භය හා විකාශය පිළිබඳ විමසීමක්.

   
                     අත්දැකීම් සමග පරිණත වූ යමක් වටහාගත හැකි වූ මිනිස්සු ස්වකීය පරිසරයෙහි සිදුවන විවිධ වෙනස්කම් වලට ඉර හද පමණක් නොව සෙසු ග්‍රහ තාරකාවන් බලපාන බව වටහා ගත්හ. ඒ පිළිබඳව වඩාත් සංවේදී වූ ඔවුහු ජන ජීවිතයේ විවිධ වෙනස්කම් සහ අනාගතයේ සිදුවිය හැකි දේවල් අනුමාන කරමින් යම් අනාවැකි කීමට පටන්ගත්හ. ඉරහද ඇතුලු ග්‍රහ තාරකා පිලිබදව වැඩි දුරටත් හදාරමින් විවිධ පරීක්ෂණ ඔස්සේ යම් නිගමනයන්ට එළැඹීමේ මෙම ක්‍රියාවලිය ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ආරම්භය විය.

ක්‍රිස්තු පූර්ව 5000 පමණ පෙර ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය නම් මෙම විෂය බැබිලෝනියානු ශිශ්ටාචාරයේ තිබූ බවටත් මෙම කාල වකවානුවේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙම විෂය දියුණු වෙමින් තිබූ බවටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති නටබුන් එයට සාක්ෂි දරන බව විද්වතුන්ගේ මතයයි. පෙරදිග රටවල දියුණුවටපත් රාජ්‍යයන් ජෝතිශයෙන් වැඩගත් අයුරු ඉතිහාසයෙන් පෙනේ චීනය, සියම, බුරුමය ආදී රටවල රජවරු රාජ්‍ය නිලධාරීන් ලෙස ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් පත්කර තිබූ බවට ද ඔවුන්ගේ වැරදි අනාගත කියමන් දඬුවම් කළ හැකි අපරාධ ලෙසටද ගණන් ගෙන තිබේ. අරාබි මිසර ජාතිකයන් තරු ගැන පර්යේෂණ  පවත්වද්දී ග්‍රීසිවරු වනචාරී මනුෂ්‍ය පිරිසක් බව පොත්පත් වලින් පෙනේ. ක්‍රිස්තු පූර්ව  13 වෙනි ශතවර්ෂයේ දී ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය පර්සියන් වරුන් විසින් ග්‍රීසියට ගෙන ගිය බව ඉතිහාසය සාක්ෂි දරයි.


එසේම ක්‍රිස්තු පූර්ව 13 වැනි සියවස ග්‍රීසියේ ජෝතිශය ගණිතය තුළින් ග්‍රහලෝකවල චලිතයන් පිළිබඳව නිශ්චිත විග්‍රහයන් ඉදිරිපත් කළ හෙයින් ලග්නය සහ ලග්න උදාව පිළිබඳ නිවැරැදිව ගණනය කිරීමට හැකිව තිබේ. ග්‍රීසිය දියුණු වූ පසු ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය තව තවත් දියුණු වූ අතර මෙය ඔවුන්ගේ ශාස්ත්‍රයක් හැටියට පසු කාලවල රටවල් වල ප්‍රචලිත කර තිබේ. එසේ නමුත් ග්‍රීක සංස්කෘතියත් පෙර සිටම තාරකා ශාස්ත්‍රය හා ගණිත ක්‍රම සහිත ජ්‍යෝතිර් විද්‍යා දැනුම් සම්භාරයක් පුරාණ භාරතයේ පැවති බවටත් සාක්ෂි ඇත. ජ්‍යොතිෂය ආරම්භය හා විකාශය හැම යුග ආරම්භයක ම සිදු වන්නේ යුග ආරම්භයෙන් පසු සත්ත්ව සංහතිය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වීමත් එහෙයින් මනුෂ්‍යත්වය පහළ වීමත් සමඟයි. පුරාණ ගොවි යුගයේ ජීවත් වූ මිනිසුන් විසින් නොව අධ්‍යාත්මික ශක්තිය ඉතා උසස් තත්ත්වයක තිබූ සෘෂිවරුන් විසින් ජ්‍යොතිෂය නිපදවා ඇති බව ඉතිහාසය හදාරන විට පෙනී යයි. ලෝකයේ ආරම්භය හා පැවැත්ම බෞද්ධ ධර්මය අනුවත් තන්ත්‍ර  ග්‍රන්ථ අනුවත් මෙසේ දැක්විය හැකිය. කල්ප ආරම්භයේ ලෝකය ඝන අන්දකාරයෙන් පැවතුණි. හිරු හෝ සඳු නැතහොත් ග්‍රහ තාරකා තිබුණේ නැත.  මෙකල මුලින්ම සත්ත්වයකු පැමිණෙන්නේ ආභස්සර නම් ලෝකයෙනි. එම බ්‍රහ්මයාට පවතින ශරීරයෙන්ම නිකුත් වූ ආලෝකය තිබිණි. ඉන්පසු තව තවත් බ්‍රහ්මයන් මෙලොවට පැමිණි අතර මුලින්ම පැමිණි අය මහා  බ්‍රහ්ම නම් විය. බ්‍රහ්ම යනු ඉතා උසස් කුල ශක්තියක් ඇති සත්ත්ව කොට්ඨාසයකි. එහෙත් ඔවුන්ගේ සිත් තුළ තෘෂ්ණාව වැඩෙත්ම ශරීරයේ ආලෝකය නැති විය. හිරු සඳු හා තාරකා උදා වන්නේ ඉන්පසුවය  තෘෂ්ණාව වැඩිවන හැටි බ්‍රහ්මන් ටිකෙන් ටික පිරිහෙන හැටිත් අග්ගඤ්ඤ සූත්‍රය ඇතුළු සූත්‍රවලින් දැක ගත හැකිය.

මිනිස් කල්පයක් මහා යුග 71 කින් යුක්ත වේ එම මහා යුග උප යුග 4 කින් යුතු වේ ඒවා නම්,
කෘත යුගය - ආයු කාලය අවුරුදු 127800කි
නේත්‍ර යුගය -  ආයු කාලය අවුරුදු 129600කි
ද්වාපර යුගය-ආයු ආයුකාල අවුරුදු 864000කි කලියුගය  - ආයු කාලය අවුරුදු 432000කි
        
                   
    ඒ අනුව මේ වන වන විට පෘථිවිය ගෙවා ඇති ආයු ආයු කාලය මිනිස් කල්ප 6 හා මහා යුග 27 නුත් උප යුග 3 හා කලියුග වර්ෂ 5118 බව දක්වා තිබේ පෘථිවිය හටගත් පසු එහි සෘතු ගුණය සකස් වීමට කාලයක් ගතවන බව පෙන්වා තිබේ වායුගෝලය හා ජලගෝලය පිළියෙල වී සකස් වීමට යන කාලය කෘත යුගය ලෙස හැඳින්වේ ඒ අනුව කෘත යුගය තුළ  ජෝතිශය බිහිකළ මුනිවරු දහ අටක්ද ඔවුන්ගේ එම සිද්ධාන්ත අනුව මෙම විද්‍යාත්මක දර්ශනය පහළ ව තිබෙන බව සඳහන් වෙයි. කෘත යුගය අවසානයේ උදා උදාවූ මෑත යුගය වේදයේ ඒ සියලු ශක්තියෙන් මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගත් අතර එහි අවසාන භාගයේ දී ලංකෝදය පුරය ඇසුරු කරගත් රාවණ නම් රජු වේදයේ කෝටි ප්‍රාප්ත වූ බව සඳහන් වෙයි. ද්වාපර යුගය අවසානයේදී මෙය ක්‍රමයෙන් විනාශ වී සියලු මනුෂ්‍ය ධර්මයන් විනාශව නැවතත් දාර්ශනිකව විප්ලවීය යුගය ආරම්භ වන්නේ මෑතක වසර 2000 පමණ කාල සීමාවක සිටයි.

තාරකා විද්‍යාවත්, භූගෝල විද්‍යාවත් පදනම් කරගෙන මේ මහා පෘථිවිය වසන සියලුම ජීවී අජීවී කොටස් වල උපත පැවැත්ම හා විනාශය කෙරෙහි සෞරග්‍රහ මණ්ඩලයේ රවි චන්ද්‍ර ඇතුළු සෙසු ග්‍රහලෝක වල සහ අස්විද බෙරන ආදී නැකත් තරු වල බලපෑම විග්‍රහ කර ගැනීම සඳහා ගණිත විද්‍යාව ඇසුින් නිපදවා ගන්නා ලද අතුරු විද්‍යාව ජ්‍යොතිෂය නම් වේ. එය තුන්කල් දක්නා ෂඩ් අභිඥාලාභී මහා සෘෂිවරුන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි වූ අසහාය උග්‍ර තපස් චර්යා අන්තරාවලෝකනයෙහි ප්‍රතිඵලයක් යැයි කල්පනා කළ හැකි ය. 

තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සබැඳි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණය ගැනීමට යොදා ගන්නා දැනුම හා විශ්වාසය මත පදනම් වූ ශාස්ත්‍ර තාරකා ශාස්ත්‍රය නම් වන අතර මෙහි මූලික අවශ්‍යතාවය වන්නේ අනාවැකි පළකිරීමයි ජ්යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිතම විද්‍යාව ලෙස සැලකිය හැකිය. පුරාණයේ ජීවත් වූ මිනිසා අනන්ත වූ ආකාශය දෙස නෙත යොමා ගග නාඹරයෙහි වූ විවිධ තාරකාවන්ගේ ආධාරයෙන් විවිධාකාර චක්‍ර සහ රූපසටහන් මැවූහ. එදා සිටම තාරකා චක්‍ර හා ජීවිතය අතර ඇති සම්බන්ධය යොදා යොදාගැනීමට ශතවර්ෂ ගණනාවක් ගත විය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි. ආකාශ තාරකා හා චක්‍ර වල හා මිනිස් ශරීරගත චක්‍රයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගලපා ගැනීමට කාලයක් ගත වුවද එහිලා වූ ව්‍යාවෘත භාවයෙහි ප්‍රතිඵලය වූයේ ජෝතිර් විද්‍යාව ප්‍රාතූර්භූත භාවයයි.


මේ හැර ජාතක කතාවල ද ජෝතිෂය හා මන්ත්‍ර ශාස්ත්‍රය ගැන සඳහන් වේ. නක්ඛත්ත ජාතකය, වේදබ්භ  ජාතකය, සංජීව ජාතකය ඉන් කිහිපයකි. ජ්‍යොතිෂය නිර්මාණය කරන ලද සෘෂිවරුන් ලොවට බිහි වී ඇත්තේ මුල් යුගවල බවත් එතුමන්ලා දීර්ඝායුෂ ඇති ව විසූ බවත් පෙනේ. මෙහි ආරම්භකයා ලෝමශ නම් වන බවද අන්තිමයා පරාශර බවද දැක්වේ. පරාශර  ග්‍රන්ථ පමණක් මෙකල දක්නට ලැබේ. මෙම පැරණිතම ග්‍රන්ථ වලින් අද ඉතිරිව ඇත්තේ වශිෂ්ට සංහිතාව සහ නාරද සංහිතාව පමණි. විවිධ ග්‍රහ චලන හේතුවෙන් සත්වයන්ට පමණක් නොව රට රාජ්‍ය වලටද වන දේශගුණික බලපෑම් නාරද සංහිතාව සංහිතාවේ සඳහන් වේ.

ජෝතිෂ  යන වචනයෙහි තේරුම "බැබලීම" යන්නයි. ග්‍රහ තාරකාවන්ගේ බැබළවීම මෙයින් අර්ථවත් වේ. බබළන තාරකාවන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යා ව  ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය  නම්වේ.  ජ්‍යොතිෂ විද්‍යාව රැඳී පවතින්නේ වෙලාව පදනම් කරගෙනය භූගෝල විද්‍යාඥයන් විසින් 360° කින් සමන්විත වූ මේ මහා පෘථිවිය වේලාව ලබා ගැනීමේ පහසුව සඳහා දේශාංශ 360 කට බෙදන ලදී එංගලන්තය ග්‍රිනිච් නගරය හරහා වැටෙන ග්‍රිනිච් රේඛාව නැගෙනහිර දෙසට දේශාංශක 180 ක් ද බටහිර දෙසට අංශක 180 ක්ද වශයෙන් දේශාංශ රේඛා යොදා ගෙන ඇත. ඒ ඒ රටවල වැටී ඇති දේශාංශක මුල් කොට ගෙන  ග්‍රිනිච් රේඛාවේ සිට අංශක 1 මිනිත්තු 4 බැගින් වෙලාව දක්වනු ලබයි. දේශාංශ කලා එකක් තප්පර හතරක් ද කාලය නියමවෙයි. එක් රටකට දේශාංශ කිහිපයක් වැටෙනු ඇත.ඒ නිසා ඒ දේශාංශ ඔස්සේ වේලාව දැක්වීමට ගියහොත් රටකට කටයුතු පවත්වා ගැනීමේදී අපහසුතා ඇතිවේ. එම නිසා ග්‍රිනිච් රේඛාවේ සිට අංශක 15න් 15 ට time zone හෙවත් වේලාව දක්වන රේඛාව නම් කොට ඇත. මේ අනුව ලංකාවට වෙලාව දක්වන time zone හෙවත් දේශාංශ අංශක රේඛාව වන්නේ නැගෙනහිර දේශාංශ අංශක 82.30 (මඩකලපුව) මේ අනුව බලන විට ග්‍රිනිච් වේලාව දහවල් දහවල් 12 වන විට ලංකාවේ වෙලාව සවස 5.30 වේ. (අංශක 82 කලා 30 × මිනිත්තු 00 තත්පර 4 = පැය 5 මිනිත්තු 30) ලෝකයට නිවැරදි වේලාව දැක්වීම සඳහා එංගලන්තයේ ගෙනිච්චා නුවර පිහිටා තිි නුවර පිහිටා තිබෙන the royal observatory නැමැති රාජකීය තාරකා පර්යේෂණාගාරය පිහිටා තිබෙන විද්‍යුත් ඔරලෝසු වල උපකාරයෙන් මුළු ලෝකයටම නිවැරදි ඔරලෝසු  වෙලාව දක්වනු ලැබේ. 

ජෝතිශය පිලිබඳව ඇති අනෙක් අදහස  වන්නේ සත්වයා විසින් කරන ලද පෙර කුසල් හා අකුසල් මෙයින් ප්‍රකාශ කෙරේ යන්නයි. "ජෝතිෂිනී පූර්වකෘතං  කර්මං අනේනේති ජෝති " යන වදනින් මේ බව ප්‍රකාශ කෙරේ. තක්ෂිලා  විශ්ව විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වූ විෂයන් අතුයන් අතුරෙන් ජ්‍යොතිෂය ද එකකි. පෙර විෂයන් හැට හතරක් උගන්වා තිබේ. සිව්සැට කලා යනු ඊට නමකි. සිව්සැට කලාවන්ගේ පසළොස්වන කලාව ජෝතිශයයි. 
ලෝකයේ විවිධ විද්‍යාඥයන් පහළ වුවද මිනිසා සඳ මත පා තැබීම දක්වා වූ සියලු විද්‍යාවන්හි මූලාරම්භය ජ්‍යෝතිර් විද්‍යාවම බව මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහසයි. එසේම නක්ෂත්‍ර තාරකා ග්‍රහයන්ට හා රාශීන්ගේ උදාවන රටාවන්හි පවත්නා කර්ම ක්‍රියාදාමයේ පදනම ජෝතිෂ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑමක් කෙරේ. ලෝකාභිවෘත්ත පුද්ගල අපේක්ෂිත ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන චතුර්විධ සම්පත්වල හිමි අහිමි සීමාන්තරයේ ස්වභාවය විනිශ්චය කරගැනීම සඳහා ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලැබෙන්නේ සුළුපටු දායකත්වයක් නොවේ. ජ්‍යොතිෂ විද්‍යාව, නැකත් ශාස්ත්‍රය, හෝරා ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය යන විවිධ නම්වලින් මෙය හඳුන්වන අතර ජ්‍යෝතිෂ විෂය සම්බන්ධවී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළයුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් දැක්විය හැකිය. තාරකා විද්‍යාව astrology, ප්‍රක්ෂේපණ විද්‍යාව projection, ගණිත විද්‍යාව mathematics,  පරිගණක විද්‍යාව computer science, උපදේශනය couseling,  ආචාර විද්‍යාව etics, ආයුර්වේද වෛද්‍යකරණය Ayurvedic  medicine,  මනෝවිද්‍යාව psychology, අධි මනෝ විද්‍යාව para psychology,  අභිචාර rituals, ශබ්ද විද්‍යාව Audiology,   යන්ත්‍ර තන්ත්‍ර ශ්ලෝක යනාදී සැහැලි කවි,  පූජා විධීන් worship, මෝස්තර patterns, මූර්ති කරණය sculpture, කැටයම් Carvings, චිත්‍ර හා වර්ණ සංයෝජනය plainting and colouring,  සැරසිලි Decoration.
oxford english ශබ්ද කෝෂයට අනුව ජෝතිශය හඳුන්වා ඇත්තේ the study of the supporting life of  stars and glands on human afairs යනුවෙනි. මෙම කටයුතුවල නියුක්ත වූවන් ජ්‍යොතිෂ වේදීන්, නක්ෂත්‍රකරුවන් ලෙස වර්තමානයේ දී හඳුන්වන අතර අතීතයේදී නිමිත්ත පාඨකයන්, නැකතියා, ගණිතයා  යනාදි නම්වලින් හඳුන්වනු ලදී.

ජීවිතය හෙට දවස පිළිබඳව කල්තියා විමසීමට වෙසෙන මිනිසා ජ්‍යොතිෂ විද්‍යාව වෙත බහුලව නැඹුරුවී සිටී. ජාති, ආගම් භේදයකින් තොරව ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින් තම දෛවය පිළිබඳව විමසීමට මිනිසුන් යොමු වී සිටිනු දැක ගත හැකිය.

මධ්‍යයේ සිටියදී පිළිවෙළින් බුධ, සිකුරු පෘථිවිය, කුජ, ගුරු, ශනි, යුරේනස්, නෙප්චූන් ප්ලූටෝ යන ග්‍රහයන් තමා වටා භ්‍රමණය වන අතර සූර්යයා වටා පරිභ්‍රමණයවේ. චන්ද්‍රයා පෘථිවියේ උප ග්‍රහයෙක් වන නිසා පෘථිවිය  වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වේ. මෙම මාර්ගය "කාන්ති මාර්ගය" යැයි නම්කෙරේ. කාන්ති මාර්ගය පෘථිවිය දකුණු පැත්තේ සිට උතුරු පැත්තට මාරු වන ස්ථානය හරහා සඳු මාරු වන විට රාහු යැයිද, උතුරු පැත්තේ සිට දකුණු පැත්තට සඳු මාරුවන ස්ථානය කේතු යැයි ද නම් කෙරේ. චන්ද්‍රයා පෘථිවිය වටා යන ගමනේදී පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගය කැපෙන සංධිස්ථානය රාහු කේතු ඇති වන බව පිළිගෙන තිබේ. රාත්‍රී කාලයේ අහස දෙස බලන විට තාරකා විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. මේ සියලුම තාරකාවෝ ඒ ඒ ග්‍රහ මණ්ඩල සූර්යන් යැයි කියනු ලැබේ. ඒවා පෘථිවියට ඉතා දුරින් පිහිටි නිසා විශාල බලපෑමක් ඇති නොවේ. එක් සක්වළවල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම ග්‍රහ මන්ඩලය ‍‍ග්‍රහයන් ගමන් ගන්නා කාන්ති මාර්ගය අංශක 18 කින් පමණ පළල් පටියකට සමාන වලල්ලකින් අංශක 360 ක් පමණ වූ "ඛ" ගෝලය සම කොටස් 12 කට 12කට බෙදූවිට ලැබෙන අංශක තිහක් පමණ ප්‍රදේශය ඇතුළත තිබෙන තාරකා පන්තිවල පිහිටීම අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශි 12 කට බෙදේ. බුධ සිකුරු ග්‍රහයන් සූර්යයා වටා භ්‍රමණය වීමේ දී මේෂ වෘෂභ ආදී රාශි 12ක් ආශ්‍රිතව ගමන් කරන පෘථිවිය පැය විසිහතරක් ඇතුළත තමා වටා භ්‍රමණය වේ. මේ අනුව පැය විසිහතරක් ඇතුළත අහසේ වූ සියලුම තාරකාවන් රාශීන් සහ ග්‍රහලෝක ද නැගෙනහිර ක්ෂිතිජයෙන් උදා වී බටහිර ක්ෂිතිජයෙන් බැස යන බව පෙනේ. තාරකා විද්‍යාවෙන් අප ලබන්නේ ඉහත කී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ආදී ග්‍රහ ලෝක 10 හා රාහු කේතු යන දෙදෙනා සමග ග්‍රහයන් 12 දෙනෙකි.

ඇසට පෙනෙන දීප්තිමත් ම ග්‍රහයා සූර්යයාය. සෞරග්‍රහ මණ්ඩලයේ රජු ලෙස හැඳින්වේ. කිසි දවසක හා වක්‍ර නොවන ඉතා ශක්තිමත් වූද, උවමනාව අතාවුද ඇත්තාවූද පුරුෂ ග්‍රහයෙකි. උෂ්ණය, එළිය, ආකර්ෂණය, පිරිසිදුකම සහ සහ ජීවය දෙන ග්‍රහයා වේ. පෘථිවිය මෙන් 330000 විශාලය. පොලොවේ සිට සැතපුම් 93000000දුරින් පිහිටා ඇත. හිරු රැස් පොළොවට වැටීමට මිනිත්තු අටක් ගත වේ.  සම්පූර්ණයෙන්ම මතු වීමට විනාඩි 6 ක් ගත වේ. ජීව බලය හා රෝග නාශක බලය හිරුගෙන් ලැබේ. නිර්භීතකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය, බලය, ක්‍රියාශීලිත්වය, ගෞරවය, භක්තිය, ප්‍රේමය, අවබෝධඥානය, චිත්තවේග, එසේම  ඇස, මොළය, උගුර, ඇලදිව, ඇට මිදුළු, රක්තාණු වලට රවි අධිපති වෙයි. දවල් කාලයේ උපන් අයට රවි පියාවේ. යමෙකු උපදින විට රවි බලවත්ව සිටියහොත් ඔහුගේ ජීවිතය බලවත් වේ. උප්පත්තියේදී බලය අඩු කරන ස්ථානවලදී සිටියහොත් ගරු සැලකිලි අඩු වන පරිදි හැසිරීම් පිහිටයි. හොරකම, වාචාලකම, මංකොල්ලකෑම ආදි ගති පැවතුම් වේ.

චන්ද්‍රයා සෞරග්‍රහ මන්ඩලයේ මව ලෙස හැඳින්වේ. මව් කාරකය. රෑ උපදින අයට මව වේ. පෘථිවියට අයත් උප ග්‍රහයෙකි. පෘථිවියේ සිට දුර ප්‍රමාණය සැතපුම් 240000 කි. සඳරැස් පොළොවට වැටීමට ගතවන කාලය තත්පර එකහමාරකි. සදු සිතට අධිපතිය. ශරීරයෙහි තෙත ගතිය හා සමට අධිපතිය. දරු උත්පත්තිය, පිළිසිඳගැනීම, ඕසප් වීම ආදියට චන්ද්‍රයා බලවත් වේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට වශී කරන ශාස්ත්‍ර වලට අධිපතිය. පුර පක්ෂයේ දී සුබ වැඩ වලට හා අව පස්සේ දී අසුබ වැඩ වැඩවලටත් උපකාර කෙරෙයි. ස්ත්‍රීන්ගේ පයෝධර හා සියුම් අංග චන්ද්‍රයාට අයිතිය. කෘෂ රෝග, සරම්ප, පාචනය, උදර රෝග, ගෙඩි, ස්ත්‍රීන්ගේ ශුද්ධ වීමේ රෝග ආදිය සඳු නිසා ඇති වෙයි. 

භූමිපුත්‍ර නමින් ජෝතිෂයෙහි හඳුන්වනු ලබන කුජ ග්‍රහයා විශ්ව ග්‍රහමණ්ඩලයෙහි සෙන්පතියා ලෙස හැඳින්වේ. පෘථිවියට සමාන ගතිගුණ ඇත. පෘථිවියට ඉතාම කිට්ටු ග්‍රහලෝකය වේ.  මනුෂ්‍යයාගේ ධෛර්යය, ශක්තිය, එඩිය, නිර්භීතකම ආදිය පමණක් නොව ස්ථිර ගතිය, සටන්කාමිත්වය, වාද ශක්තිය ආදියට බල පවත්වයි. රසායනික විද්‍යාව, ශල්‍යකර්ම ආදියට බලපවත්වයි. ශරීර අවයවයන් ලෙස නළල, නාසය, රහස් ස්ථාන, මස්පිඩු ආදියට අධිපතිවේ. රක්තවාත, ලේ, නහර, හා තුවාල ආදියට අධිපති වේ.

සෞරග්‍රහ මණ්ඩලයේ පොඩි පුතා, සුරතලා, පණිවිඩකරු ලෙස හැඳින්වෙන බුධ ග්‍රහයා චන්ද්‍රයා ගෙන් හරි අඩක් පමණ වේ. සූර්යයාට ඉතාමත් සමීප ග්‍රහයා වේ. දවල් රෑ වීමක් නැත. ද්වී ස්වභාවයක් ඇත්තෙක් වේ. බුධ සූර්යයාට කිට්ටුවන පැත්ත උෂ්ණ වන අතර අනිත් පැත්ත සීතල වේ. ගුණයට අධිපතිය. කාව්‍යකරණය, ව්‍යාකරණය, නොයෙක් විද්‍යාවන්ට සහ ශාස්ත්‍ර වලට, විදුලි සංදේශ කටයුතුවලට හා පරිගණක ආදී කටයුතු වලට බුධ අධිපති වේ. ඉගෙනීම් කටයුතු, පොත්පත් ලිවීම ආදියට දක්ෂකම් පෙන්වයි. පෙනහැල්ල නාසය, නහර, අත් ආදිය සඳහා බුධ අධිපතිවේ. බුධ නරක්ව සිටියහොත් කල්පනාව අඩු, ගොත ගැසීම්, හොර වැඩ, වංචා කටයුතු කිරීම, බොරු කීම, අයහපත් බුධ නිසා සිදුවේ.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන ගුරු ග්‍රහයා සෞරග්‍රහ මන්ඩලයේ ගුරුවරයා ලෙස හැඳින්වේ. පෘථිවිය මෙන් මෙන් 1300 වාරයක් විශාල වෙයි. උසට වඩා මහත්වේ. කලබල නොවන ස්වභාවය සහ ගුණ දහම් වලට ගරු කිරීම, නීති නීතිගරුකත්වය, මධ්‍යස්ථ බව, හසල ඥානය, සෞම්‍ය ගතිය, නිරහංකාරකම සහ උසස් පැවිදිකම ගුරුට අයත් උපාංගයෝ වෙති. ගුරු බලවත් වූ අය චරිතය පිරිසිදුකම, නිරෝගිකම, වාසනාවන්තබව, මවුපිය ගුරුවර උපස්ථානය, ප්‍රසිද්ධිය ආදියට උරුමකම් කියති. දුර්වල වූ විට දියවැඩියාව, ලේ විෂවීම්, ශරීරය මහත් වීම, මුත්‍රා සමඟ ධාතු පිටවීම, සන්නිපාත උණ ආදී රෝග දුර්වල වූ ගුරු නිසා ඇතිවේ.

සෞරග්‍රහ මණ්ඩලයේ දියණිය ලෙස හඳුන්වන සිකුරු ග්‍රහයා පෘථිවියට ආසන්නයේම පිහිටි අනෙක් ග්‍රහයා වේ. සමානත්වයෙන් සහ භ්‍රමණයෙන් පෘථිවියට සමානය. සඳු හැරුණු විට ඉතාමත් දීප්තිමත් ව පෙනෙන ග්‍රහයා සිකුරුය. සෞම්‍ය බැවින් දෙවැනි වන්නේ ගුරුට පමණි. සැපවත්ව ජීවත්වීම, යහපත් විවාහය, වාසනාවන්ත ලෙස ප්‍රීතියෙන් කල්ගත කිරීම, රාගය, ආදරය, කරුණාව, පිරිසුදුකම, මනුෂ්‍යත්වය, අලංකාරත්වය ආදී කරුණු සිකුරු නිසා ඇතිවේ. දියවැඩියා රෝගය, සෙම් රෝග ආදියට අධිපතිය. සංගීත ශාස්ත්‍රය, ආපනශාලා,  ලස්සන බඩු වෙළෙන්දන්, කාමභෝගීන්, මනා ස්වාමි-භාර්යා සම්බන්ධකම් ඇති වීම සිකුරු නිසා ඇතිවේ.

විශ්ව ග්‍රහ මණ්ඩලයේ කම්කරුවා ලෙස ශනි ග්‍රහයා හැදින්වේ. බලාපොරොත්තු සුන් වීම, කම්මැලිකම, කටයුතු කල්දැමීම, දිළිඳුකම, අවාසනාවන්තකම, ශරීරය දුර්වලවීම, කෙට්ටුවීම, වීර්යය අඩුකම, ආදියට ශනි අධිපති වේ. අරපිරිමැස්මෙන් කටයුතු කිරීම, දුක්දොම්නස් විඳ ගැනීමේ ශක්තිය, යෝගි භාවනා කිරීමට ධෛර්යය ගැනීම, තපස් ජීවිත ගත කිරීමේ හැකියාව, දුෂ්කර කාර්යයන් කිරීම සඳහා බලවත් වූ චිත්ත ධෛර්යය, පරලොව සඳහා කටයුතු කිරීමේ ශක්තිය, ශනි නිසා ඇතිවන යහපත් ප්‍රතිඵලයන්ය. ශනිගෙන් ලැබෙන ප්‍රතිඵල අන්තගාමීය. බලවත්වූ ශනි උසස් පාලකයන්, හා ධනවතුන් කරයි. නරක් වුවහොත් අන්ත කාලකන්නි හිඟනුන් හෝ නැතිනම් මහා අපරාධකරුවන් කරයි. අංශභාගය, පිළිකා, ගෙඩි, කුෂ්ඨ රෝග, වාතරෝග, දත් රෝග, කන් රෝග සාදයි.

අසුරයන්ගේ රජු ලෙස ව්‍යවහාර කරන රාහු කුජ බුධ ආදී ග්‍රහයෙකු මෙන් නොව ඡායා ග්‍රහයෙකි. එහෙත් අපල කිරීමේදී හා පල අපල ගෙන දීමේ දී බලය හා ශක්තිය අතින් කිසිම ග්‍රහයකුට දෙවැනි නොවේ. රාහු අසුබවී යෙදීම පුද්ගලයව ඉබාගාතේ යවයි. හිතට අසහනය ගෙනදේ. නිතරම සෑම කෙනෙකුටම, සෑම කාර්යයකටම විරුද්ධ වේ. දුම්බීමට පොළඹවයි. පොත පතට අකමැතිය. රැවටිලිවලට හසුවේ. ආගම දහමට ශික්ෂණයට අකමැතිය. ගන්නා උත්සාහයට ප්‍රතිඵල හීනිය. සිත එකඟ කර ගැනීමට නොහැකිය. වසවිස පානය, ලේ නරක් වීම, සර්පවිෂ ශරීරගත වීම ආදිය රාහු නිසා ඇතිවේ. රාහු යම් කේන්ද්‍රයක සුබව පිහිටා ඇත්නම් ඉගෙනීම යහපත්ය. වන්දනා ගමන් යාම, ඵලදායි විදේශ චාරිකා, දේශපාලන අංශයට යොමුවීම, ප්‍රසිද්ධ, බලය, උනන්දු ඇතිකිරීම ආදිය රාහු නිසා ඇති වේ.

කේතු ග්‍රහයා බඹ නමින් හැඳින්වෙන අතර කේතුගේ හිස මනුස්සයෙකුගේ මෙන්ද ශරීරය නාගයකුගේ මෙන්ද හඳුන්වා දී ඇත. කේතු ඡායා ග්‍රහයෙකි. නෛසර්ගික පාපියෙකි. කේතු සුබව  පිහිටා ඇත්නම් අධ්‍යාපනයෙන් උසස් ප්‍රතිඵල උරුමකර දෙයි. ඥානය දීප්තිමත් කරයි. ප්‍රසිද්ධිය ලබාදෙයි. පොතපත කියවීමට ආශාකරවයි. ගුප්ත අංශ වලට සිත යොමු කරවයි. ගේදොර වාසස්ථාන දියුණුව ඇතිකරයි. කේතු දුබල වූ විට හිතේ අසහනය, දද, කුෂ්ඨ, තුවාල, සිතෙහි චංචල ගතිය, අමනුෂ්‍ය රෝග, අවිශ්වාසය ඇති කරවයි.

පැරණි සෘෂීන් විසින් යුරේනස් ග්‍රහයා හැඳින්වූයේ වරුණ ග්‍රහයා ලෙසය. 1781 මාර්තු 13වන දින සර් විලියම් නමැති තාරකා  විද්‍යාඥයා  විසින් යුරේනස් ග්‍රහයා සොයා ගන්නා තෙක් යුරේනස් ග්‍රහයා පිළිබඳව පිළිබඳ පැරැණි පොත පතෙහි සඳහන් නොවීය. මොහුට රාශී චක්‍රය සම්පූර්ණ කිරීමට දින  වර්ෂ 84 දින 24ක් ගතවේ. ලෝකයෙහි පවතින ආකර්ෂණ බලයත් විදුලි බලයක් ගැන පවතින්නේ මේ ග්‍රහයාය. එසේම ගුප්ත විද්‍යාවන් පිළිබඳ විශාල බලයක් ඇති කරයි.  යුරේනස් ඇතැම් ඇතැම්විට සෙනසුරුට සමාන ගතිගුණ ඇතිබව කියනු ලැබේ. විදුලි කාන්දම් බලය හා අසුබ තත්ත්වයන් ඇති කරන ග්‍රහයෙකි. පරීක්ෂාකාරී වීම ආදී ගුණ ඇති ග්‍රහයෙකි. එසේම බලාපොරොත්තු නැති හදිසි කටයුතු ඇති කරවයි. 

පැරණි සෘෂීන් විසින් ඉන්ද්‍ර නමින් හැඳින් හැඳින්වූයේ නැප්චූන් ග්‍රහයාය. අත්භූත ග්‍රහයෙක් ලෙස ඇතමෙක් හඳුන්වන අතර වෙනත් යුරෝපීය පොත්පත්වල සඳහන් වන්නේ ඔහු අති උතුම් දෙවියකු ලෙසයි. මත්පැන් පානයට හා අබිං කංසා ආදියට ප්‍රිය කරන්නෙක් වෙයි. නැප්චූන් ග්‍රහයා බලවත්ව සිටියහොත් ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධයෙන් බලවත් ආශාවක් ඇතිකරවයි. ගුප්ත හා සැඟවුණු ධර්මතාවයන්ට රහස්‍ය කටයුතු වලට රහස් පරීක්ෂක වැඩවලට හා කිමිදුම් කටයුතු වලට අධිපතිය.

පැරණි සෘෂීන් විසින් යම හැටියට හැඳින්වූයේ ප්ලූටෝ ග්‍රහයාය. වර්තමානයේ යුරෝපීය දෛවඥයන් පවා ආ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් ප්ලූටෝ කොතරම් දුරට බල පවත්වන්නේ ද යන්න සොයා ගෙන ඇත්තේ කරුණු ස්වල්පයක් පමණි. ප්ලුටෝ පිළිබඳව සොයා ගනු ලැබුවේ 1930 මාර්තු 12 දිනය. පුරාණ දේව කතාවල හැඳින්වෙන්නේ පිටස්තර දේශයේ දෙවියන් හෙවත් මළවුන් පාලනය කරන්නා වශයෙනි.
ප්ලූටෝ ග්‍රහයා වෘශ්චික රාශියට අධිපති ග්‍රහයා ලෙස ඇතැම් යුරෝපීය පොත්පත්වල ඇතත් තවත් තැනක සඳහන් වන්නේ මේෂ රාශියට අධිපති ග්‍රහයා ලෙස ය.

ජ්‍යොතිර් විද්‍යාව අතීතයේ සිටම ලංකාවේ ද භාවිතා භාවිත කළ බවට සාධක ඇත. ඒ පිළිබඳව පැරණිතම සටහන වන්නේ උම්මාද චිත්‍රා කතාපුවතයි. උන්මාද චිත්‍රාව දුටු නිමිත්ත පාඨකයන් විසින් ඇයගේ පුතෙක් රාජ්‍ය පතා සිය මාමාවරුන් ඝාතනය කරන බව පවසා ඇත. එය ඇසූ ඇයගේ සහෝදරයෝ එවැනි තත්ත්වයක් උදා නොවීමට සියලු බාධක යෙදූහ. රැකවල් සැලසූහ. ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක බවට පත්කරමින් අවසානයේ දී නිමිත්ත පාඨකයන්ගේ අනාවැකි යථාර්ථයක් කරමින් පණ්ඩුකාභය සිය මාමාවරුන්  මරාදමා සිහසුන අත්කර ගන්නට සමත්විය. 
                         
                         ගිරා සන්දේශ කතුවරයා හා සැළලිහිණි සැලලිහිණි සංදේශ කතුවරයා තම අභිමතාර්ථය මුදුන් පත් කර ගැනීම සඳහා තම දූතයන් වූ ගිරවාත් සැලළිහිණියාත්  පිටත්කර හැරියේ සුබ මුහුර්තයකිනි ඒ බව.

පොරණ රිසින් කී තොප යතුරට        පවර 
ලද නිදොසින් රිවිදින නැකත           දිනකර 
කුමරි දෙසින් කිවි සුරගුරු සිටි     නොහැර
මිතුර තොසින් වඩු සිහිකර මෙත්     සුතුර 

යනුවෙන් ගිරාසංදේශය 57 වැනි කවියෙන් පැහැදිලි වේ. එසේම සැළලිහිණි සංදේශයේ 

උදේ සැපත් සුරගුරු අලුකැරැ            අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ           සිට 
නදේ සිතින් තම කුල දෙවිය සිහි    කොට 
යෙදේ ගමන් යහළුව මෙපුරෙන්  තොපට

මේ අනුව සැලළිහිණියා පිටත්කර හැරීමට ගුරු උච්ච බලයෙන් යුතුව ලග්නයට කටකය යොදා සඳුගෙන් හතරවැන්නේ ගුරු සිටින ලෙස සඳු දසවැන්නට යොදා සැළලිහිණියා කෝට්ටේ නගරයෙන් සුබ ගමනක් සඳහා පිටත්කර හැරියබව ඉහත සඳහන් කවියෙන් පැහැදිලිවේ. සැළලිහිණියා යැවූ දූත මෙහෙවර සම්පූර්ණයෙන් සාර්ථක වූ බව ඉතිහාසය විසින් ඔප්පුකර ඇත. ජ්‍යෝතිර් විද්‍යාව දුප්පත් පොහොසත්, උගත් නූගත්, සුඛිත දුක්ඛිත සියලු දෙනාටම ඒ ඒ අයගේ තත්ත්වය අනුව එකසේ ප්‍රයෝජනවත් වෙයි. ජ්‍යොතිෂය තුළින් පුද්ගලයාට තම අභිවෘද්ධිය තවතවත් සුවිශාල කර කරගැනීමටත් ඉදිරියට පැමිණීමට තිබෙන අපල උපද්‍රවයන්ගෙන් මගහැරීම සඳහා උපායවත් වීම පිණිසත් දුක්ඛිත පුරුෂයාට තමාගේ කරදර හිංසාපීඩා ආදියෙන් නිදහස් වීම සඳහා ක්‍රමානුකූලව හෝ සම්‍යක්ප්‍රයෝගයෙන් අනුයුක්තව පිළියෙල කරගයුතු ක්‍රම දැනගැනීම සඳහා  ජෝතිෂය ප්‍රයෝජනවත් වේ.


        


    පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි 
    4th  year special 
    Department of Buddhist Philosophy
    Buddhist and Pali University of Sri Lanka

Comments

Post a Comment