ග්‍රහයින් සතුරු රාශි ගතවීම
ග්රහයින්ගේ ආකර්ශනාත්මක බලය ක්‍රමානුකූලව පවතින්නේ අදාළ ග්‍රහයින්ට හිමිවී ඇති රාශිවලදීය. යම් ග්‍රහයකු සතුරු රාශි ගතවූ විට බලය වෙනස් තත්ත්වයක් ගනී. ග්‍රහයින් සතුරු රාශිගතවූ විට අදාළ ග්‍රහයාගේ බලවත්කම, ස්ථානගත ඇති සම්බන්ධය වැනි කරුණු අනුව අමිහිරි විපත්ති කරදර ඇති කරන අතර ඇතැම් විට ඒ මගින් ප්‍රසිද්ධිය හා කීර්තියද ලැබීමේ ඉඩකඩ සැලසෙයි. සතුරු රාශිගතව සිටින ග්‍රහයාගේ තත්ත්වය, බල දුබලතා ගැනද සොයා බැලිය යුතු ඔහු දුර්වල වී නම් කරදරද බලවත් නම් වාසනාවද ළඟා වෙයි.
රවි - රවිට සතුරු රාශි ලෙස සැලකෙන්නේ වෘෂභ මකර, කුම්භ යන රාශි තුනයි. රවි වෘෂභ රාශිගතවූ විට ලෞකික ආශාවන් වැඩිවේ. ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍ය උදාකර ගැනීමට නිතර වෙහෙසේ. මමත්වය තදින් ආරක්ෂා කරයි. මකර රාශිගතව රවි සිටීමෙන් බලය හා ප්‍රසිද්ධිය ලබාගැනීමේ අදහසින් කටයුතු කරයි. විශාල ව්‍යාපාර කටයුතුවල යෙදේ. විවාහ ජීවිතය සැපවත් නැත. කුම්භ රාශි ගතවූ රවි සමාජ කටයුතුවලට ප්‍රියවේ. උපන් තත්ත්වයට වඩා උසස් අයකු වන්නේය.
සඳු - මකර රාශිය සඳුට සතුරු රාශිය වෙයි. හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධියට පැමිෙ ණ්. සතුරන් අධිකයි. සහකාරියට යහපත් නොවේ. පුර අව අනුව සඳුගේ තත්ත්වය වෙනස් වෙනයි. ශුභ ග්‍රහ දෘෂ්ටි යෙදී ඇත්නම් දියුණුව ඉක්මණින් සිදු වේ.
කුජ - කුජ (අඟහරු) ග්‍රහයාට සතුරු රාශිවන්නේ මිථුන සහ කන්‍යා රාශි දෙකයි. මිථුන රාශිගතවූ කුජ ඉගෙනීමේ කටයුතු වලින් උසස් තත්ත්වයක් ලබාදෙයි. නිර්මාණශීලීවේ. හෘද රෝග ඇතිවේ. කන්‍යා රාශි ගතවූ විට තමාගේ වැඩකටයුතු අවශ්‍යතා ගැනම වෙහෙසේ. විදේශ රටවල සංචාරය සිදුවන අතර ආදායම්ද ලබයි.
බුධ - බුධ ග්‍රහයාට කටක සහ සිංහ රාශි දෙක සතුරු රාශි වන්නේය. කටක රාශි ගතවූ බුධ තමාගේ වාසිය පිණිසම කටයුතු කරයි. කථාවෙන් අන් අය රවටා ගනී. සිතුම් පැතුම් නිශ්චලවේ. සිංහ රාශි ගතවූ බුධ පාලන කටයුතු වලට දක්ෂවේ. රහස් කටයුතු වැඩවල යෙදේ. බලය වැඩිවීමෙන් අහංකාර වේ. හෘද රෝග ඇතිවිය හැකිය.
ගුරු - වෘෂභ මිථුන කන්‍යා සහ තුලා යන රාශි 04 ගුරුට සතුරු රාශි වෙයි. වෘෂභ රාශි ගතවූ ගුරු සදාචාර සම්පන්න අයකු වන්නේය. දරුවන්ගේ දියුණුව සේම ඔවුන්ගෙන් වස්තුව සැප ලබයි. දේපළ අතින් උසස් වෙයි. මිථුන රාශි ගතවූ ගුරු තත්ත්වය ගෞරවය රැකගනී. උසස් අය ආශ්‍රය කරයි. සිහිබුද්ධියෙන් කටයුතු කරයි. ගුරු කන්‍යා රාශි ගතව සිටීම නිසා රහස් ප්‍රේම සබඳතා ඇතිකර ගනී. විදේශයන්හි හෝ පිට පළාත්වලින් ආදායම් ලබයි. ව්‍යාපාර කටයුතු වලට හොඳයි.
සිකුරු - කටක සහ සිංහ රාශි දෙක සිකුරු ග්‍රහයාට සතුරු වන්නේය. සිකුරු කටක රාශි ගතවීමෙන් නිර්මාණශීලී බවක් ඇතිවේ. රාගික හැඟීම් හෙළිනොකරයි. ප්‍රේම සම්බන්ධතාද රහසේ පවත්වා ගනී. සිකුරු සිංහ රාශි ගතවූ විට වියදම් කිරීමට මැලි නැත. පෙනීමට අලංකාරයට සිත්දෙයි. උරුම හිමිකම් ලැබීමේ භාග්‍ය තිබේ. පිරිසිදුකම අගය කරයි.
සෙනසුරු - කටක - සිංහ සහ වෘශ්චික යන රාශි 03 සෙනසුරුට සතුරු රාශිවේ. කටක රාශි ගතවූ ශනි නිතර දුකින් පසු කරවීමට කටයුතු කරයි. ගෘහ ජීවිතය ගැන කලකිරේ. ඥතීන් ආශ්‍රය කරන අය ගැන වුව අවහිර බාධක යෙදේ. ශනි සිංහ රාශි ගතවීමෙන් විරුද්ධවාදිකම් ඇතිවේ. කලින් ආශ්‍රය කළ අයකු හා විවාහය සිදුවේ. සමාජයේ පිළිගැනීම අඩුයි. හෘද රෝග ඇතිකරයි. වෘශ්චික රාශිගතවූ ශනි නොසිතූ පරිදි තම ජීවන රටාව හැඩ ගසා ගනී. ප්‍රයෝග වැඩවලට දක්ෂකයි. ජීවිතයේ අවසාන කාලය දුකින් ගෙවේ.
රාහු - රාහුට සිංහ සහ මීන රාශි දෙක සතුරු වේ. රාහු කේන්ද්‍රයේ පිහිටීම අනුව විපාක ඇති කරයි. අලුත් අමුතු දේවලට වඩා පැරණි ක්‍රම අනුගමනය කරයි. ඒ රාහු සිංහ සේ සිටි විටයි. මීන රාශි ගතවූ රාහු තීරණ වෙනස් කරමින් අලුත් අමුතු විදියට කටයුතු කරයි.
Comments
Post a Comment