ග්‍රහයන්ගේ සංයෝගයන්



  සඳු – බුධ – ගුරු 

ත්‍රි ග්‍රහ යෝගය ඉතා උසස්‌ යෝගයකි. ළමා වියේ සිටම අධ්‍යාපන කටයුතුවලින් නිපුණතා දක්‌වයි. උසස්‌ අධ්‍යාපනයට යොමුවී පණ්‌ඩිත තත්ත්වයට පත්වෙයි. සිත, ඥණය, විද්‍යාව යන ත්‍රිවිධයන් එකට එකතු වූවා සේය. පවුල් ජීවිතය සතුටින් ගතකළ හැකිය  කේන්ද්‍රස්‌ථානයක බලවත්ව මෙම අත පිහිටීම සිදුවී නම් ඉතාමත් බල සම්පන්න අයකු වන්නේය. සැප සම්පත් ලබයි 

සඳු_බුධ_සිකුරු

සඳු – බුධ – සිකුරු – සංයෝගය – මෙහිදී සඳු – බුධ සමග සිකුරු සිටීමෙන් උසස්‌ තත්ත්වයක්‌ හිමිකර ගන්නා නමුත් සිකුරු නිසා කාමාශාවල ඇලී ගැලී කටයුතු කරයි විශේෂයෙන් ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම අනාචාර ශීලී ලෙස කටයුත කිරීමේදී පහත් තත්ත්වයට වැටේ එසේ වුවත් සමාජයේ කැපී පෙනෙන ප්‍රකටයන් වන්නේය. වයස ගියත් තරුණ බවක්‌ දිස්‌වේ 

සඳු_කුජ_ශනි

සඳු – කුජ – ශනි – ත්‍රිගහ යෝගය යෙදීමේදී මෙය 06 වැන්නේ හෝ 08 වැන්නේ යෙදී ඇත්නම් ඉතා නරකයි  ළදරු වියේ සිටම නොයෙක්‌ ලෙඩ රෝග ආබාධ ඇතිවී මරණය පවා සිදුවිය හැකිය. මවුටද අපලය. ඇයද මරණයට පත්විය හැකිය අන් ග්‍රහ බලයන් ජීවත් වුවහොත් පසු කාලයේ තරුණ වියේ සිට ඉතා ප්‍රබල අයකු වන්නේය. කාටවත් යටත් පහත් නැති හිතුවක්‌කාරයෙකු වන්නේය 

සඳු_කුජ_සිකුරු

සඳු – කුජ – සිකුරු – සංයෝගයෙන් උපන් අය උභය පාර්ශ්වයේ (ස්‌ත්‍රී/ පුරුෂ) අය වෙනුවෙන් නිතර සිතයි. ශරීර ශක්‌තියෙන් පූර්ණයි. නිරෝගී වේ. ඇවිදිලි අධිකයි මෙම ග්‍රහයන් බලවත්ව සිටියේ නම් පුද්ගලයාද බලවත් අයකු වන්නේය නරක ස්‌ථානයක මෙම ග්‍රහයන් සිටි විට ලඡ්ජා බවින් තොරව කටයුතු කරයි. දූෂණ කටයුතුවලට යොමුවේ. පරදාර සේවනයේ යෙදෙයි 

සඳු_කුජ_ගුරු

සඳු – කුජ – ගුරු – ග්‍රහ එකතුව නිසා රූප සෝබාව වර්ධනය වේ. උභය පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබේ  ඔවුන්ගේ ආදරයට ලක්‌වේ. ධනවත්වේ. 11-02 ආදී තැනක උච්ච/ ස්‌වක්‌ෂත්‍රව සිටි විට විශාල ධනයකට හිමිකම් කියයි 

සඳු_කුජ_බුධ

සඳු – කුජ – බුධ – මෙම ග්‍රහ සංයෝගය පිහිටා ඇත්නම් එතරම් ශුබ ඵල අපේක්‍ෂා කළ නොහැකිය දූෂණ කටයුතු අනාචාර ක්‍රියාවල යෙදෙයි. අන්‍යන්ගේ දොස්‌ දකී  ඔවුන්ට අපහාස කරයි. මෙම ග්‍රහයන් බලවත්ම සිටියේ නම් (උච්ච/ ස්‌වක්‌ෂත්‍ර) යහපත් ප්‍රතිඵල ගෙනදෙයි 

සඳු_ගුරු_ශනි

සඳු – ගුරු – ශනි – යෝගය නිසා ළමා වියේ සිටම සැප ලබයි. ඉගෙනීම් කටයුතුවලදී දක්‍ෂතා දක්‌වයි. ශරීර වෙහෙසා වැඩ කිරීමට සිදු නොවේ උභය පාර්ශ්වයේ දයාව, කරුණාව, ආදරය ලබයි. 04-07 ස්‌ථානයක නම් ප්‍රතිඵල වඩාත් යහපත්ය. රාජ්‍ය අංශයෙන් උසස්‌ තත්ත්වයක්‌ ලබයි 

සදු_බුධ_ශනි

සඳු – බුධ – ශනි – මෙම යෝගයද යහපත් එකකි. උගතෙකු වන්නේය. පණ්‌ඩිත ගති ලක්‍ෂණ ඇතිවේ  සමාජයෙන් රජයෙන් සම්මාන ලබයි. නිදහස්‌ මතධාරියෙකි. තැන්පත්ය. සාහිත්‍ය කලා කටයුතුවලින් උසස්‌ වේ 

සඳු_ශුක්ර_ශනි

සඳු – ශුක්‍ර – ශනි – මෙම යෝගය ඇති උපන් අය වැඩිපිරිසක්‌ ශ්‍රමණ (පැවිදි) තත්ත්වයට පත්වේ. ආගම දහමට ලැදිව කටයුතු කරයි. ලෝක පූජිත වේ  පූජක පක්‍ෂයේ ඉහළ තනතුරු ලබයි. රජයට උසස්‌ අයට උපදෙස්‌ අවවාද දීමට තරම් ප්‍රබලවේ 

සඳු – ගුරු – සිකුරු යන සෞම්‍ය ග්‍රහයන් 01 ත් – 07 ත් රවි – කුජ – ශනි යන පාපයන් 4-10 ස්‌ථාන වල සිටින විට යෙදෙන වජ්‍ර යෝගයෙන් රූපය ලස්‌සන වෙයි ධනය ලබයි. සඳු වෘෂභ රාශි ගතවීමෙන් සස යෝගයත් කටක රාශිගත වීමෙන් කුලීර යෝගයත් උදාවෙයි. මෙම යෝග දෙකම බලවත්ය  පෙනුම ප්‍රසන්නයි. ගේදොර ඉඩකඩම් ලබයි. සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකළ හැකිය 

ගුරු_රවි_චන්ද්ර

නිරෝගී වෙයි. ශරීරය ශක්තිමත්ය. උසස් ගුණධර්ම රකී. කතාවට දක්‍ෂයි. රූපය ලස්සන වෙයි  ප‍්‍රධානත්වය පතා කටයුතු කරයි. අසුබ ස්ථානයක මෙම යෝගය පිහිටීමෙන් අසුබ ඵල උදාකරයි 

 ගුරු_රවි_කුජ 

විශ්වාස වන්තයි. ස්වකීය පවුලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. ධනවත් වෙයි  අසුබ තැනක සිටී විට අයහපත් ප‍්‍රතිඵල දෙයි

 ගුරු_රවි_බුධ 

අධ්‍යාපන කටයුතුවලින් උසස් තැනක් හිමිකර ගනී. සරසවි වරම් ලබයි ගුණ නුවණින් යුක්තය. කතාවෙන් ජයගනී. ප‍්‍රධානත්වය හිමිවේ අයහපත් තැනක සිටි විට ඇස්වල ආබාධ සහ හමේ රෝග ඇතිවෙයි 

 ගුරු_රවි_සිකුරු  

පවුල් ජීවිතය යහතින් ගෙවිය හැකිය. තමා වැඩකටයුතු උත්සාහ වන්තව කරගනී. දේපල ඉඩම් ලබයි. නායකත්වය ලබයි 02 වැන්නේ හෝ 12 වැන්නේ යෙදෙන විට ඇස්වල ආබාධ හටගනී 

 ගුරු_රවි_ශනි 

ශනි මකර, කුම්භ, රාශිවල යෙදී සිටීනම් ඉතා සුබයි. එඩිතරයි. නිර්භීතයි, තනතුරු ලබයි. සේනාපති වෙයි 

 ගුරු_සඳු_කුජ 

රූපය ලස්සනය. උභය පාර්ශ්වේ ආදරය කරුණාව ලබයි. බලවත්ව සිටී නම් ධනවත් වේ. කාමාශා වැඩියි 

 ගුරු_සඳු_බුධ 

මෙම යෝගයද ඉතා බලවත් එකකි. ඉගෙනීම් කටයුතුවලින් උසස් තත්ත්වයක් හිමිකර ගනී. වාගීෂ්වර, පණ්ඩිත ගති ඇත්තෙකු විය හැකිය. පැවිදි අයට මෙය ඉතා සුබයි 

 #ගුරු_සඳු_සිකුරු 

ළදරු කාලයේ සිටම සැප ලබයි. තරුණ වයසේදී උසස් විවාහයක් කරගනී උභය පාර්ශ්වයේ සිත් දිනා ගනී. ව්‍යාපාර කටයුතුවලට ද ඉතා සුබයි 

 ගුරු_සඳු_ශනි 

රාජ්‍ය අංශයේ උසස් නිලතල ලබයි. කය නොවෙහෙසවා හම්බකර ගනී කොයි කාගේත් සිත් දිනාගනී. වයස්ගත කතුන්ට පි‍්‍රය උපදවයි

රවි_චන්ද්ර_කුජ 

යෝග වි සිටීමෙන් ඉතා ප්‍රසිද්ධියට පත්වී සතුරන්ගෙන් ජයගනී. ධනය හා බලය එකසේ ලබයි 

රවි_සඳු_බුධ 

යෝග වු විට බුද්ධිමත්ව කටයුතු කරයි. ඉගෙනීමට දක්‌ෂයි. පන්ඩිත බවක්‌ දනවයි. අයහපත් ලෙස මෙම යෝගය පිහිටීමෙන් කතාවේ වෙනසක්‌ ඇතිවන අතර, ඇස්‌වල ආබාධයන්ද සිදුවේ 

#රවි_සඳු_ගුරු 

සංයෝගයෙන් උපන් අය ගුණවත් බලවත් අය වන්නේය. ශරීරය නිරෝගීවේ. ලෙඩ රෝග අඩුයි. 08-06-12 වැනි ස්‌ථානයක පිහිටියේ නම් මේ ගුණ නැත 

රවි_සඳු_සිකුරු 

 එකතුවෙන් කාමාධිකයි. අනියම් ක්‍රම මගින් කම් සැප සොයයි. ගණිකා වෘත්තියේ යෙදෙයි. මුදල් අතින් පෝසත්වේ. සතුරන් සිටී 

#රවි_සඳු_ශනි 

ත්‍රිග්‍රහ යෝගය නිසා නිර්භීතයි. ප්‍රසිද්ධියට පත්වේ. මරණය කල්යයි. ධනවත්වේ 

කුජ_බුධ_ගුරු   

මේ යෝගයෙන් උපන් තැනැත්තා දක්ෂ කවියෙකු වේ. එපමණක් නොව භාර්යාව ද කාව්‍යාකාරියක වේ  නැටුම් ගැයුම් සංගීතය ප්‍රිය තැනැත්තෙකු වේ. මොහු සමග ආශ්‍රය කිරීමට ඉතාම ප්‍රිය උපදවයි. නිතර සතුටින් ජීවත් වේ. තම දරුවෝ කාව්‍යකරණය දක්ෂ වෙති. තමන්ගේ ආදායම් මාර්ගය ද එය වේ 

කුජ_බුධ_සිකුරු   

මෙය සුභ ඵල දෙන යෝගයක් නොවේ. බොහෝ විට උපදින ඉන්ද්‍රිය දුර්වලකම් ඇති වේ. අහංකාර බොරු කියන කෙනෙකු වේ. දූෂිත චරිත ඇත්තෙකි ඉගෙනීමට දුර්වලයි. ඉගෙන ගත්තත් ඵලක් නොලැබේ. බුධ නරකට සිටියොත් ලිංග රෝග සෑදීමටත් කුජ නරකට සිටියොත් ද‌ාමරිකකම් කිරීමටත් සිකුරු නරකට සිටියොත් පහත් ස්ත්‍රීන්ගේ ඇසුරු පැතීමටත් හේතු වේ 

කුජ_බුධ_ශනි   

මේ යෝගය ද ශුභ ඵල දෙන යෝගයක් නොවේ. ඇස් රෝග සෑදේ. නිතර නිතර කාර්යක් නොමැතිව අැවිදින්නෙකු වේ උසස් රැකියාවක් නොකරයි. අනුන්ට අපහාස කර කර ජීවත් වේ. සිනහව මුහුණේ නොමැති කුඩුකේඩු අයෙකු වේ 

කුජ_ගුරු_සිකුරු   

වටිනා ශුභඵල දෙන යෝගයකි. යහපත් උගත් අයෙක් වේ. මේ යෝගයෙන් උපන් අයගේ දරුවන් උගත් අයයි යහපත් භාර්යාවක් ලැබේ. සෑම අතින්ම දියුණුවෙන් දියුණුවට පත් වේ. මෙම යෝගවල හොඳ නරක තීරණය වීමේදී කේන්ද්‍රයේ අනිකුත් ග්‍රහයින්ගේ බලෑම් සැලකිල්ලට ගත යුතුය.

Comments

  1. Mata danagann one kuja guru sikuru 1 kotuwe thyena wruchchika lagnaye kenek kohom kenekd kyla

    ReplyDelete

Post a Comment