මායා රෝගය (Hysteria)

මායා රෝගය (Hysteria)  යනු මැඩ පැවැත්විය නොහැති චිත්තවේගී පුතිචාරයක් ලෙස සාම්ප්‍රධායිකව හඳුන්වයි.මෙහිදී රෝගියා තමාට විවිධ ආබාධ ඇතිබව පවසතත් ඒහා බැඳුන කිසිදු ශාරීරක හේතුවන් සායනිකව නොපෙන්වයි.මෙම රෝගය සම්පූර්ණයෙන්ම මනෝ මූලික හේතූන් මත හටගන්නා රෝගයකි.
ඉංග්‍රීසි බසින් මායා රෝගය හදුන්වන හිස්ටීරියා (hysteria) යන වචනය ග්‍රීක බසින් ගර්භාෂය හැදින්වීමට භාවිත කරන  hystera යන වචනයෙන් බිඳී ආවකි.මෙම රෝගය කාන්තාවන්ට පමණක් වැළදීමත් විශේෂයෙන් අවිවාක ස්ත්‍රීන්ට මෙය වැළදීම හා බොහෝවිට විවාහයෙන් පසුව රෝග ලක්ෂණ ඉවත්වීයාම යන හේතු මත අතීතයේ මෙම රෝගය හා ගාර්භාෂය අතර සම්භන්දයක් ඇතැයි පැරැන්නන් විශ්සිවාස කළහ.මෙහි රෝග ලක්ෂණ ලෙස කාංසාව,හුස්ම ගැනීමේ අපහසුතා,ක්ලාන්තය,නින්ද නොයාම, සැක කිරීම ආදී විවිධ ආබාධ පෙන්වයි මෙම රෝග ලක්ෂණ ඇතිවීම කෙරේ බලපාන කිසිදු කායික විද්‍යාත්මක හේතුවක් වෛද්‍යවරුන්ට සොයාගත නොහැක. විසිවන සියවස දක්වා මායා රෝගය මානසික හා කායික ආබාධවල එකතුවක් ලෙස පිළිගත්තද පසුව ඒය සම්පූර්ණයෙන්ම මනෝමූලික ආබාධයක් බව හඳුනාගත්හ.
18 සහ 19 වැනි සියවස්වල යුරෝපය පුරා ඉතා බහුල ලෙස මායාරෝගී කාන්තාවන් හමුවිය.මෙම තත්වය එකල වෛද්‍යවරුන්ටද ප්‍රබල හිසරදයක්වී පැවතිණ.කායික වශයෙන් කොපමණ ප්‍රතිකාර කලද ඔවුන්ට සුවපත් කිරීම අපහසුවිය.මේ අතර ප්‍රාන්ස් මෙස්මර් නම් වෛද්‍යවරයා විසින් චුම්භක ප්‍රතිකාරයක් ලෙස නව ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් අතර එයින් බොහෝ මායා රෝගී ස්ත්‍රීන් සුවය ලැබීය.එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ විද්‍යාත්මක පදනම මෙස්මර් හරිහැටි දැන නොසිටි අතර මෙම ප්‍රතිකාරය අවිද්‍යාත්මකබව විද්‍යාඥයන් පෙන්වා දුන්හ.පසුව මෙම ක්‍රමය ස්වාප්න ප්‍රතිකාරය හෙවත් මෝහන ප්‍රතිකාරය බව ජින් මාටින් චාගොට් වැනි වෛද්‍යවරුන් පෙන්වා දුන්හ.පසුව මායාරෝගයට ඉතා සාර්ථකව ස්වාප්න ප්‍රතිකාරය භාවිත කළහ.පසුව සිග්මන් ෆ්‍රොයිඩ් හා පියරේ ජෙනට් වැනි මනෝ විද්‍යාඥයන් මෙම ප්‍රතිකාර තවදුරටත් වර්ධනය කළහ.ස්ත්‍රීන්ට පමණක් නොව පුරුෂයන්ටද මායාරෝගය වැළදෙනබව සිග්මන් ෆ්‍රොයිඩ් පෙන්වා දුන්හ.නිදහස් සංඝටනය නම් නව ප්‍රතිකාර ක්‍රමයක්ද මායා රෝගීන් සදහා පළමුවෙන්ම අත්හදා බැලුවේද ඔහුය.
මායාරෝගය සදහා සම්ප්‍රධායිකව විවිධ ප්‍රතිකාර පවතී.මෙම ප්‍රතිකාර බොහෝමයක් ආගමික හා අභිචාර ලෙස පවතී.මායා රෝගය යනු ශාරීරික හේතුවක් නොමැතිව මානසික හේතුමත ඇතිවන ආබාධ නිසා මෙම අභිචාර ක්‍රම මගින් සුවය ලැබිමේ හැකියාව වැඩිය.අමනුෂ බලපෑම් මගින් මෙම රෝග ඇතිවන්නේය යන්න සාම්ප්‍රධායික සමාජවල පිළිගැනීමයි.උදාහරණ ලෙස කලුකුමාර දෝෂය තනිකම් දෝෂ ආදිය දැක්විය හැක.
හිස්ටීරියාව හෙවත් මායා රෝගයට හේතුව ලෙස සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ ආගමික හා සංස්කෘතික හේතුමත පුද්ගලයාගේ ලිංගික ආවේගයන් නිදහස් කිරීමට ඉඩ නොදී යටපත් කිරීම නිසා බවයි.මෙසේ බලහත්කාරයෙන් යටපත් කරගන්නා ලිංගික ආවේගයන් අවිඥානය තුල තැන්පත්වේ.මෙම ආවේගයන් මගින් විඥානය වෙත ඍණාත්මක යෝජනා ඉදිරිපත් කරනු ලබයි.එමගින් විවිධ ශාරීරික ආබාධයන් හටගනී.මෙම ආබාධයන් ශාරීරික හේත මත නොව මනෝමූලිකවම හටගනී.එබැවින් කිසිදු භෞතිකමය ඖෂධීය ප්‍රතිකාරයකින් මෙම රෝගය සුවපත් කල නොහැකිවේ.මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මගින් පමණක් සුවකල හැකිය.

Comments