කොරියානු ත්‍රිපිටකය


කොරියානු ත්‍රිපිටකය ලෝකයේ විශාලම පුරාණ බෞද්ධ ධර්ම ග්‍රන්ථ වල එකතුවයි. 13 වන සියවසේ ගෝර්යෝ රාජධානි සමයේ ලී කුට්ටි 81,258 ක කැටයම් කරන ලද මේ පුළුල් නිර්මාණය කරන ලද්දේ මොංගෝලියානු ආක්‍රමණකයින්ගෙන් ආරක්ෂා වීමට බුදුරදුන්ගේ පිහිට පැතීම උදෙසාය. සෑම ලී කුට්ටියකම සෑම පැත්තකම දළ වශයෙන් චීන රූපාක්ෂර 320 ක් අඩංගු වේ. සමස්තයක් වශයෙන් මිලියන 52 ක් පමණ වූ  රූපාක්ෂර ඉතා නිවැරදි සහ සමමිතිකව කැටයම් කොට ඇත.

Comments