ආර්ය ලංකාවතාර සූත්‍රය

යෝගාචාර විඥානවාදී දර්ශනය දර්ශනයේ දාර්ශනික සිද්ධාන්ත අන්තර්ගත මූල ග්‍රන්ථයක් ලෙස ලංකාවතාර සූත්‍රය වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. මෙම සූත්‍රය කවදා කොතැන කොතැන කවරෙකු අරභයා දෙසන ලද්දක් ද යන්න පැහැදිලි නිධානයක් සඳහා නොවෙති. මහායානිකයන්ගේ මතයට අනුව මෙහි කතෘත්වය බුදුරජාණන් වහන්සේට පවරති. යෝගාචාර හෝ ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස සැලකුවද මෙය පශ්චාත් කාලීනව රචනා වූවක් බවට සූත්‍ර ආරම්භයේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ප්‍රකට වේ. නෛරාත්ම්‍යං යත්‍රධර්මාණාං ධර්මරාජේන දේශිත ලංකාවතාරං තත් සූත්‍ර මිහ යත්නේන ලිඛ්‍යතේ ලංකාවතාර යන්නෙහි වාච්‍යාර්ථය ට අනුව ලංකාවට ගොඩබැසීම යන අදහස ගම්‍ය කෙරේ බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව විසූ රාවණා රජුට මෙය දෙසන ලැබෙයි සඳහන් වෙතත් එය අභූත පරිකල්පනයක් බව බොහෝ වියත්හු පවසති. මේ පිළිබඳ සාගරයේ මැද තනි වූ දූපතක් වන ලංකාව වැනි දුර කතරක ස්ථානයකවූ ස්ථානයක බෞද්ධ සූත්‍රයක් දේශනා කිරීම අසාමාන්‍ය දෙයක් යැයි පවසයි මහාචාර්ය ඩී. ජේ. කළුපහන මහතාගේද විවේචනයෙන් ප්‍රකට වන්නේ රාවණා රජු පිළිබඳ ඓතිහාසික සාධක නොමැති බැවින් මෙය මනංකල්පිත වන බවයි. ආර්ය ලංකාවතාර සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ලක්දිව දී රාවණා රජු අරබයා දේශනා කරන ලද්දක් ලෙස සැලකීම පිළිබඳ සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එම අදහස ලක්වැසියන්ට කරන ලද උපහාරයක් ලෙස දැක්විය හැකිය. ලංකාවතාර සූත්‍රයේ ආරම්භය මුල් බුදුසමයාගත සූත්‍ර දේශනා සංගායනාවෙන් පසු "ඒවං මේ සුතං" යනුවෙන් ආනන්ද හිමියන් විසින් මෙසේ අසන ලදි යන මූල ප්‍රකාශය ද ඇතුළත්ව ඒ අනුසාරයෙන් "එවං මයා ශෘතම්" යනුවෙන් දැක්වීම ද විශේෂත්වයකි. පරිච්ඡේද නවයකින් සමන්විත මෙහි අවසානය ශ්ලෝක 886 ඇතුළත් සගාථ ක නමින් හඳුන්වන විශේෂ පරිච්ඡේදයක් ද දක්නට ලැබේ. මෙම සූත්‍රය හඳුන්වා ඇත්තේ "ආර්ය සද්ධර්මලංකාවතාර" නමිනි. මෙහි අන්තර්ගත කරුණු අතර, 1. විඤ්ඤාණ පරිණාමය 2. තථාගත ගර්භය 3. විඤ්ඤාණවාදී ප්‍රධාන සිද්ධාන්ත 4. නිරෝධ සමාපත්තිය 5. තථාගත නිත්‍ය අනිත්‍යතා 6. බෝධිසත්ව චරණය 7. ප්‍රතීත සමුප්පාදය 8. නිර්වාණ සංකල්පය යනාදී විඥානවාදය හා සම්බන්ධ දාර්ශනික අදහස් අන්තර්ගත වේ. මෙය යොදා යෝගාචාර විඥානවාදී දර්ශනය ඇතුලත් ඇතුළත් ප්‍රාමාණික සූත්‍රයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත.

Comments