හෙළ අටුවා පෙරළා බුදුදහම රැකි බුද්ධඝෝෂ හිමියෝ

 

ක්‍රි.ව. 5 සියවස පමණ වන විට ථෙරවාදි බුදුදහම ප්‍රබල අර්බුදයකට මුහුණදී තිබුණි. ඒ මහායාන ආගමික සංකල්පයන්ගෙන් ථෙරවාදය ගිලගැනීමයි. ක්‍රි.ව. 01 සියවසේ කණිෂ්ක දවස කාශ්මීරයේදී පවත්වන්නට යෙදුණු සිව්වන ධර්ම සංගායනාවත් සමග සංස්‌කෘත භාෂාව අන් කවරදාටත් වඩා බුදුදහම ආක්‍රමණය කරන්නට විය. මේ නිසා බුදුදහම ආශ්‍රිතව තිබූ පාලි භාෂාවට ප්‍රබල තර්ජනයක්‌ මතු විය. මතු වූ මේ තත්ත්වයෙන් බුදුදහම හා ඒ ආශ්‍රිත සාහිත්‍යය රැකගැනීමට ඉදිරියට ආ යතිවරයකු ලෙස බුද්ධඝෝෂ හිමියන් හඳුන්වාදිය හැක. ඉන්දියාවේ සිට ලංකාවට ක්‍රි.ව. 5 සියවසේ මුල් භාගයේදී පමණ මහානාම රජ දවස උන්වහන්සේ පැමිණි බව දැනට පිළිගන්නා මතයයි. උන්වහන්සේට දැනගන්නට ලැබුණු ආකාරයට ථෙරවාදී බුදු දහම මෙරට මේ අවධියේදී ආරක්‍ෂා වී තිබිණි. ඒ ආශ්‍රිතව පොතපත පාලියට පරිවර්තනය කර ගන්නේ නම් බුදුදහම තවත් දිගු කලක්‌ වැජඹෙන බව උන්වහන්සේට සිතෙන්නට ඇත. එම නිසා එම සිංහල පොතපත පාලියට පෙරලීමේ අරමුණෙන් උන්වහන්සේ මෙරටට පැමිණියහ.


හෙළ අටුවා පාලියට පෙරලූ බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු දැනගැනීමට අපට සාහිත්‍ය මුලාශ්‍ර ගණනාවක්‌ භාවිත කළ හැකිය.


* ධර්මකීර්ති හිමියන් රචනා කළ මහා වංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය.


* බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය


* බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද අටුවා ග්‍රන්ථ මෙහි සමන්තපාසාදිකාවට ඉතා වැදගත් තැනක්‌ ලැබිය යුතුය.

* බුද්ධඝෝෂ හිමියන්ගේම විසුද්ධි මාර්ගය නම් කෘතිය.


* සද්ධම්සංගන, ශාසන වංසදීපනි, ගන්ධවාස යන කෘතින්


* අග්නිදිග ආසියාතික රටවල පවතින ජනප්‍රවාද යනාදිය මෙහිදී ඉතා වැදගත් වේ.


උපත( ලංකා ඉතිහාසයේ රචනා වී ඇති අට්‌ඨ කතාවන්ගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක්‌ රචනා කරන ලද උන්වහන්සේගේ උපත පිළිබඳ මතවාද කීපයක්‌ දැකිය හැකිය.


1. බුද්ධඝෝෂ හිමියන් උතුරු ඉන්දියාවට සම්බන්ධකම් ඇති ගයා ප්‍රදේශයේ උපත ලද බව යන මතය. ලංකාවේ මහා වංසයටත් බුද්ධඝෝසුප්පත්තියටත් අනුව උන්වහන්සේ බුද්ධගයාවේ බෝමැඩ ආශ්‍රයේ උපත ලද බ්‍රාහ්මණ දරුවෙක්‌ බව මහාවංසය වාර්තා කරයි.


"බෝධි මණ්‌ඩ සමීපස්‌මිං

ජාතො බ්‍රාහ්මණ මාණවෝ"


(එකල දඹදිව බෝමැඩ වෙත උපන් බ්‍රාහ්මණ මානවකයෙක්‌)


මහා වංසය - 3 පරිච්ඡේදය


2. අග්නිදිග ආසියාතික රටක්‌ වන බුරුමය නම් වූ රටේ පෙදෙසක උන්වහන්සේa උපත ලැබූ බව යන මතය. බුරුමයට සබඳතා ඇති පඨම රාජවංස නමැති ඉතිහාස ග්‍රන්ථයේ මුන්වහන්සේ බුරුමයේ ඉපිද මහබෝධි මැඩ සමීපයේ කලක්‌ වැඩවාසය කර පසුව ලංකාවට පැමිණ අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට සුධම්ම පුරයට වැඩමකරන ලද බව සඳහන්ය.


පාලි සාහිත්‍යය 171 පිටුව


3. දකුණු භාරතය හා සම්බන්ධ කිසියම් ප්‍රදේශයක බුද්ධඝෝෂ හිමියන් උපන් බවට ඇති මතය. මේ මතයට එළඹීමට ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේම අදහස්‌ මිස වෙනත් ඒවා නොවේ. නමුත් මේ මතය අද වන විට මතවාදයන්ට හසුවූ ප්‍රධාන කරුණක්‌ බවට පත්ව ඇත. මේ මතවාදයන්ට අනුව බුද්ධඝෝෂ හිමියන්ගේ උපත දකුණු ඉන්දියාව යන්න සැක සහිතය. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති ගණනාවක දකුණු ඉන්දියාව හා සම්බන්ධ ස්‌ථාන නාම ඇත. මයුරදේව පට්‌ටනය, කාන්තිපුරය, නාගපට්‌ටන, යන ස්‌ථානයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධිතය. මේ නාමයන්ද උන්වහන්සේගේ කෘති තුළ දැක්‌වෙන කරුණු ද පදනම් කරගෙන දැනට ඉතිහාසඥයන් පිළිගන්නේ උන්වහන්සේ දකුණු ඉන්දියාවේ උපන් අයකු බවයි. දැනට පිළිගන්නා මතය වන්නේ බුද්ධඝෝෂ හිමියන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රd දේශයේ උපන් අයකු බවයි.


නාමය හා ගෝත්‍රය


බුද්ධඝෝෂ හිමියන්ට එම නාමය ලැබුණ ආකාරය පිළිබඳව ද විද්වතුන් අතර මෙන් සාහිත්‍ය පොතපතේද විවිධ අදහස්‌ ඉදිරිපත්ව ඇත. මහාවංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය පවසන්නේ උන්වහන්සේට බුදුන්ට සමාන කටහඬක්‌ තිබූ නිසා එම නාමය ලැබුණු බවයි.


"බුදුන්ගේ සෙයින් ගැඹුරු හඬ ඇති හෙයින් බුදුහු සේ පොලෝ තලෙහි පතළ යසස්‌ ඇති වී උහු බුද්ධඝෝෂ යයි ව්‍යවහාර කළහ."


(මහාවංසය 38 පරිච්ඡේදය)


බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය වෙනම අදහසක්‌ ඉදිරිපත් කරයි. හෙතෙම දෙව්ලොව වසන සමයේදී ද ඔහුගේ නම ඝොස වූ හෙයින්ද මොහු උපන්දා එම ගම ප්‍රීති නාදයෙන් ගිගුම් ගත් හෙයින්ද මේ නම ඇතිවී යයි මේ කෘතියේ සඳහන් වෙයි.


බුද්ධඝෝෂ හිමියන් තමන් රචනා කරන ලද විසුද්ධි මාර්ගය නම් කෘතියේ සඳහන් කරන්නේ එම නාමය තමන්ට ගුරුවරුන් තබන ලද්දක්‌ බවයි.


"ගරූහි ගහිත නාමධෙයෙHන" -විසුද්ධි මාර්ගය


බුදුන් පිරිවන් පෑම ක්‍රි. පූ. 543 දී සිදුවූ අතර උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස තුළ සිදුවූයේ නම් කාල පරාසය වසර 1000 කි. එතෙක්‌ බුදුන්ගේ හඬ ඇසුන කෙනෙක්‌ ජීවත්වීම ආශ්චර්යෙනුත් ආශ්චර්යකි. එසේ නම් මහාවංස කතුවරයා දක්‌වන අදහස පිළිගැනීම කෙසේවත් කළ නොහැකිය. මේ ග්‍රන්ථකරුවන් දෙදෙනාම විශාල වැරැද්දක්‌ කර ඇති බව පෙනේ. මේ අර්ථ කථනයන් නිසා සාමාන්‍ය සිදුවීමක්‌ අද්භූත සිදුවීමක්‌ බවට පත්ව ඇත. කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ ගෝත්‍රය පිළිබඳ සොයා බැලීමේදී උන්වහන්සේ බ්‍රාහ්මණ ගෝත්‍රයට අයත් පුද්ගලයෙක්‌ වීම දැනට පිළිගන්නා සත්‍යයයි. බුද්ධඝෝෂ නම නිසා උන්වහන්සේගේ ගෝත්‍ර නාමය අභාවයට යන්නට ඇත. ඉහතින් සාකච්ඡා කරන ලද ආන්ධු දේශය මෙතුමාගේ උපන් බිම නම් බ්‍රාහ්මණ සම්බන්ධය පිළිගත යුතු වන්නේය. ආන්ධු දේශය ආරම්භයේ සිටම බ්‍රාහ්මණයන් හා සම්බන්ධ වන්නේය. එසේ නම් ආන්ධු දේශයේ උපන් බුද්ධඝෝෂ හිමියන්ද බ්‍රාහ්මණ වංශිකයෙක්‌ බව පිළිගත යුතුය.


ජීවත් වූ කාලය 


බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී උන්වහන්සේ ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක්‌ දීම අපහසුය. උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.


උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්‍රි.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.


"ප්‍රඥ මිහිදු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිංහලාතාර්ථ කතා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි තෙපි එහි ගොස්‌ ඒ අසා මාගධී නිරුක්‌තියට පෙරළව්. ඕ තොමෝ සියලු ලොවට හිත ඵලවන්නී වේ" යයි මෙසේ වදාළ සේක. මෙසේ වදාරණ ලදින් ප්‍රසන්න වූ මහ නුවණ ඇති ඒ තෙමේ ඉන් පිටත්ව ම

Comments