කිතුනු දහම
කිතුනුවන් ලෙස පොදුවේ හැඳින්වෙන එහි අනුගාමිකයෝ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සලකන අතර ඔහු පැරණි තෙස්තමේන්තුවේ සඳහන් මෙසායා ලෙස පිළිගනිති. ඔවුනගේ ධර්මයේ කොටසක් යුදෙව් ආගම හා සමපාත වෙයි. කිතුනුවන්ට යේසුස් වහන්සේ යනු ගුරුවරයෙකි, දැහැමි දිවියක් සඳහා ආදර්ශයකි, දෙවියන් අනාවරණය කරන්නෙකි, විමුක්තියේ ප්රවාහකයෙකි, දුක්විඳන්නන් ගේ ගැලවුම්කාරයෙකි.
කිතුනුවන් යේසුස් වහන්සේ ස්වර්ගස්ථ වූයේ යැයි විශ්වාස කරන අතර බොහෝ නිකාය එතුමා ජිවත්වන්නන් හා මළවුන් විනිශ්චය කරමින්, තම අනුගාමිකයනට සදාතනික ජීවිතය ලැබ දෙන්නේ යැයි දේශනා කරයි. යේසුස් වහන්සේ පිළිබඳ එතුමාගේ අනුගාමිකයෝ ලියූ නව තෙස්තමේන්තුවේ ග්රන්ථ ශුභාරංචි ලෙස හැඳින්වේ.
ප්‍රධාන ධාරාවේ කිතුනු දහමේ වැදගත් අංගයක් ලෙස ත්‍රිත්වය හැඳින්වේ ශුද්ධ වූ ති‍්‍රත්වය පිළිබඳ වූ සාමාන්‍ය ව්‍යවහාරය වනුයේ එක් දෙවියෙක්, පියා පුත්‍රයා සහ ශුද්ධාත්මය ලෙස පුද්ගල රූප තුනක් ලෙසින් සමානව හා සදාතනිකව පැවතෙන බවයි. පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය යන්න දෙවියන් වහන්සේගේ උත්තරීතර භාවය හා අන්තර්භාවය විදහා දක්වයි. දෙවියන් වහන්සේ අප්‍රමාණ ලෙස දැක්වෙන අතර ජේසුස් වහන්සේ ගේ හා ශුද්ධාත්මයන් වහන්සේ ගේ ක්‍රියා මගින් ඔහුව ප්රත්යක්ෂ කරගත හැක.
ග්‍රීක භාෂාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ යන අර්ථය ඇති ක්‍රිස්ටියන් යන වදන මුලින්ම භාවිතා කරන ලද්දේ ඇන්ටියොක් හි පුරවැසියන් විසිනි. ඇන්ටියොක් හි ඉග්නේෂස් තමාව හැඳින්වීම සඳහා ක්රිස්තියානිකයෙක් යන වදන භාවිතා කළ පළමු පුද්ගලයා විය. එමෙන්ම ක්‍රිස්තියානි යන වදන මුලින්ම ලේඛණගත කළ පුද්ගලයා වූයේ ද ඉග්නේෂස් වූ අතර ක්‍රි ව 100 පමණ එය සිදුවුණි.
යුදෙව් සහ ඉස්ලාම් ආගම් මෙන්ම කිතුනු දහමද ආබ්‍රහමික ආගමක් ලෙස වර්ගීකරණය වේ. ධර්ම ධූත චාරිකා සහ යටත්විජිත වාදය හරහා කි‍්‍රස්තියානිය මුලින්ම මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, යුරෝපය සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ අතර පසුව ක්‍රමයෙන් ලොව පුරා පැතිරුණි.එසේම ලොව වැඩිම පිරිසක් අදහන ආගම වන්නේද කතෝලික ධර්මයයි.
Comments
Post a Comment