බටහිර හා බෞද්ධ දර්ශනයට අනුව මරණාසන්න මොහොතේ දී සිදුවන මානසික ක්‍රියාවලිය.




ඉතිහාසය මුළුල්ලේම හා වර්තමානයේ වර්තමානයේදීත් අනාගතයේදීත් මිනිසාට විසඳාගත නොහැකි වූ ගැටලුවක් වන්නේ තමා කවරෙක්ද යන්නයි. තමා මෙලොව උපත ලැබුවේ කෙසේ ද ? මිය ගිය පසු තමාට සිදු වන්නේ කුමක්ද යන ප්‍රශ්නය හැමකල්හිම ප්‍රශ්නයක් ව පවතී. වෛද්‍යවරු නිරන්තරයෙන් උත්සාහ කරනුයේ යමෙකු මිය යාමට නොදී ජීවත් කරවීමට ය. නමුත් මරණය යනු පොදු ධර්මතාවයකි. බෞද්ධ දර්ශනයට අනුව සියලු සත්වයන් මැරෙමින් ඉපදෙමින් කෙළවරක් නොමැති සංසාරයේ ගමන් කරයි. 
බොහෝවිට  "මොළයේ මරණය" පුද්ගලයකුගේ මරණය ලෙස බටහිර විද්වතුන් සලකනු ලබයි. සංඛ්‍යා ලේඛනවලට අනුව දිනපතා ලොව පුරා මිනිසුන් 150000 අධික ප්‍රමාණයක් මරණයට පත්වේ. බටහිර චින්තනයට අනුව මරණය සිදුවීමට ආකාර දෙකක් පවතී. 

1)ස්වභාවික මරණය
 2)බාහිර බලපෑම් මත සිදුවන මරණය 

එමෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මරණය කොටස් දෙකකින් යුක්ත වේ. එනම්  

1)සායනික මරණය 
2)ජීවවිද්‍යාත්මක මරණය

සායනික මරණය යනු නාඩි නොවැටීම, හෘදය වැඩ නොකිරීම, සිදුවුවත් ඉලෙක්ට්‍රොනික් හාඩ් මසාජ් ලබා දීමෙන් ඇතැම්විට නැවත ක්‍රියාත්මක විය හැකිය.
ඇමරිකානු ජාතික වෛද්‍ය    Dr. Raymond moody (1975) රචනා කරන ලද life after life, life before life යන ග්‍රන්ථයේ තමන්ගේ අත්දැකීම් විස්තර කොට ඇත.
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පුද්ගලයා මිය ගිය පසු මෘත ශරීරාගාරයට එකවරම ගෙන යා නොහැක. විනාඩි 45 ක් තබාගත යුතුය.  පුද්ගලයෙකු මියගිය පසු පැය 24 ක් ඇතුළත ශරීරය තුළ ජීව ක්‍රියාවලිය සිදුවන බව පෙන්වා දී ඇත. පැය 24 කින් විද්‍යාත්මක මරණය සිදුවේ. Oxford ශබ්ද කෝෂයට අනුව සායනික මරණය මෙසේ විස්තර කොට ඇත. clinical death is due to the failure or death of vital organ like brain or heart or lungs
එසේම ජීව විද්‍යාත්මක මරණය යනු 
biologycal death is a  formal death of the body when the whole system fails but certain organs continue to faction for a while 
මරණය පිළිබඳ සම්මා දිට්ඨි සූත්‍රයේ බෞද්ධ විග්‍රහය මෙසේ පැහැදිලි වේ. 

"කතමං ච භික්ඛවේ මරණං යා තේසං තේසං සත්තානං සත්ත නිකායෙ චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාල කිරියා ඛන්ධානං භේදෝ  කලේබරස්ස නික්ඛේපෝ"

ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව සත්ව නිකායන්හි චුතවීම අතුරුදහන් වීම කළුරිය කිරීම ස්කන්ධ බිඳීම සිරුර අතහැර දැමීම මරණයයි. බෞද්ධ විග්‍රහයට අනුව මරණ යනු සත්වයන්ට කර්මානුරූපීව උරුම වී ඇති පංචස්කන්ධයාගේ කැඩී බිඳී යාමයි. 

තීනිමානි භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛණානි

උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා 

බුදු දහමට අනුව මරණය සිදු වන ආකාර ක්‍රම හතරකි එනම් 
1) ආයුක්ඛය මරණය 
2)කම්මක්ඛය මරණ ය 
3)උභයක්ඛය මරණය
4) උපච්චේදක මරණය 
සාමාන්‍ය සත්වයකු මිය යාමේදී ඔහුට අවසාන වශයෙන් අවස්ථා තුනකට මුහුණපෑමට සිදුවෙයි. එනම්  
1)ගති නිමිති 
2)කර්ම නිමිති 
3)කර්ම 
එසේම මරණය සිදුවන ආකාරය කොටස් තුනකි.   

1.ක්ෂණික මරණය  (ඇසිල්ලක් පාසා වන මරණය) 
2.සම්මුති මරණය (සම්මත  මරණය) 
3.සමුච්චේද මරණය  (යළි උපතක් නොමැති මරණය)
මේ අනුව මරණය පිළිබඳ බෞද්ධ හා බටහිර නිර්වචන කෙබඳු ද යන්න දැනගත හැකිය.
                

                         -පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි-

Comments

Post a Comment